Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2018 05:50:23 Hours

කන්කසන්තුරේ - පේදුරුතුඩුව මාර්ගය මහජනතාවගේ ප්‍රවාහන කටයුතු සඳහා විවෘත කෙරේ

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය මගින් උතුරු පළාතේ සංහිඳියාව, වාර්ගික සුහදතාවය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් ‍‍ඵෛතිහාසික පියවරක් ලෙස වසර 28 කට පසු යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරෙයි - පේදුරු තුඩුව ඒබී - 21 මාර්ගය අද (6) දින උදෑසන මහජනතාවගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විවෘත කරන ලදී.

මෙම මාර්ගය පලාලි හි යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන පිවිසුම මඟහැර හමුදා ජනපදය හරහා තොණ්ඩමාරු සහ අනෙකුත් ගම්මාන වෙත සම්බන්ධ වන අතර, ඒ අනුව යාපනය සිවිල් වැසියන් හට තම ඉඩම් හා දේපල වෙත වඩාත් පහසුවෙන් ළඟාවීමටත් ප්‍රවාහන කටයුතු සඳහා වැඩි ඉඩ පහසුකම්ද සැලසෙණු ඇත.

මීට පෙර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන හමුදා ජනපදය මඟහැර කිලෝමිටර් 30 ක දුර ප්‍රමාණයක් සිවිල් වැසියන්ට ගමන් කිරීමට සිදු වූ අතර, නැවත මෙම මාර්ගය පොදු ප්‍රවාහන කටයුතු සඳහා විවෘත කිරීම හේතුවෙන් මහජන ප්‍රවාහන කටයුතු විනාඩි 45 කට අඩු කාලසීමාවකදි ඉටු කරගැනීමට සමාන්‍ය ජනතාවට ඉඩ පහසුකම් සැලසී ඇත. යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වෙදනායගම්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විවෘත කිරීමේ කෙටි උත්සවය සඳහා සහභාගි වු අතර, යාපනය ආඥාපතිතුමන් වෙත ප්‍රථම මගී ප්‍රවාහන ප්‍රවේශපත්‍රය පිළිගැන්වීමෙන් අනතුරුව මෙම මාර්ගය නැවත පොදු ප්‍රවාහන කටයුතු සිදුකරගෙන යාම සඳහා විවෘත කිරීම සංකේතවත් කරන ලදී.

ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය ආගමික නායකයින්ගේ ආශිර්වාද සහ සෙත් පැතිම් මධ්‍යයේ කන්කසන්තුරේ බලා පිටත්ව ගිය අතර, මේ සඳහා සිවිල් වැසියන් සමගින් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ද සහභාගි විය. මෙම මාර්ගය නැවත විවෘත කිරීම පෞද්ගලික ඉඩම් සහ දේපල නිත්‍යානුකුල හිමිකරුවන් සොයා නැවත භාරදීමේ රජයේ ප්‍රතිපත්තින්ට අනුකුලව වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එවකට යාපනය ආරක්ෂක සේනා ආඥාපති ධුරයේ සිටි අවධියේදී 2015 වසර අවසානයේ දී ආරම්භ කරන ලද වැඩපිලිවෙලකි.

අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එස්. මුරලිදරන් මහතා, 51 වන බල සේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම් එස් ශීවා ශ්‍රී, රාජ්‍ය නිලධාරින් සහ සිවිල් වැසියන් රැසක් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

spy offers | Hats to Match Jordans Hyper Royal Bulls Hat