Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2018 13:30:24 Hours

රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN) භට පිරිස් විෂ වායු විමෝචනයට ප්‍රතිචාර දක්වයි

ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය (NACWC)විසින් කැළණිය,වේවැල්දුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් පිටුපස පොළවෙන් විෂ වායුවක් විමෝචනයවීම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැනුවත් කිරීමේන් අනතුරුව,ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය (CBRN)වහාම එම ස්ථානයටආරක්ෂක පියවර සඳහා පිටත්ව යන ලදි.

ඒ අනුව,සිකුරාදා (12) දින මධ්‍යම රාත්‍රියේ දී වහාම එම ස්ථානයට පැමිණි 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN)හමුදා සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම එම ප්‍රදේශයේ පස තුලින් ආවර්ණ ඇමෝනියා හෝ කාබන්මෝනොක්සයිඩ් වැනි විෂ සහිත වායුවක් විමෝචනය වන බැව් අනාවර්ණය කරගන්නා ලදි.

මෙම විෂ සහිත වායුව ආග්‍රාහනය විමෙන් ප්‍රදේශවාසින්ට අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් යුද්ධ හමුදා භට පිරිස් පොලවේ කැනිම් සිදුකරන බැකෝ යන්ත්‍රයක් යොදාගනීමින් විෂ සහිත පස් විහිදුණු ප්‍රදේශයේ කැනිම් සිදුකරන ලදි. අදාළ ඉඩමෙහි අයිතිකරු මීට කලකට පෙර කාර්මික ජනපද ප්‍රදේශයකින් පස් රැගෙනවිත් එම ඉඩම පුරවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවු රසායනික ප්‍රතික්‍රියාවකින් මෙම විෂ වායු විමෝචනයවීම සිදුවන බැව් අනාවරණය කරගැනීමෙන් අනතුරුව, භට පිරිස් විසින් එම රසායනික ප්‍රතික්‍රියාව තවදුරටත් ඇතිවීම වලක්වා ප්‍රදේශවාසින්ගේ ජිවිත හා සෞඛ්‍ය ආරක්ෂාවට අවශ්‍ය පියවර ගෙන තිබේ.

කෙසේ වූවද, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න ගේ උපදෙස් අනුව 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ටි.ඩි.පි. සිරිවර්ධන ගේ අධික්ෂණයෙන් අදාළ ඉඩමේ විෂ සහිත පස් ඉවත් කොට අලුතින් පස් පුරවා විෂ වායුන් විමෝචනයවීම වැලැක්වීමට පියවරගෙන තිබේ.

දේශයේ රසායනික හදිසි අන්ත්‍රාකාරි අවස්ථාවක දී ක්‍රියාත්මක වන ඉහළම ආයතනය වන ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය (NACWC) විසින් යුද්ධ හමුදාවේ රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN) ප්‍රවීණයන්ගෙන් හදිසි අවස්ථාවක දී ඉල්ලුම් කරන ලද සහාය මෙසේ සිකුරාදා (12) දින රාත්‍රි 11.30 ට පමණ යුද්ධ හමුදාව විසින් ඉටු කරන ලදි.

යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN) භට පිරිස් විෂ වායු විමෝචනය සිදුවන ස්ථානයට පැමිණිමට පෙර, ගිණිනිවන හමුදාවේ ගිණිනිවන රථ ද එම ස්ථානයට පැමිණ විෂ වායුන් විමෝචනයවීම මැඩපැවත්වීමට උත්සහ කර තිබුණි.

affiliate link trace | Nike, adidas, Converse & More