Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වන්නි භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් වව්නියාව ප්‍රදේශයේ ළමුන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදෙයි

කොළඹ හේමාස් සමූහ ව්‍යාපාරයේ හේමාස් අවුට්රීච් පදනමේ අනුග්‍රහය ඇතිව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය, වව්නියාව දිස්ත්‍රික්කයේ බෝගස්වැව සහ සැළලිහිණිගම ප්‍රදේශයේ ළමුන් 500 කට අධික පිරිසක් වෙත නව අවුරුදු දිනයේ දී පාසල් උපකරණ සහ ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදි.

හේමාස් අවුට්රිච් පදනමේ අනුග්‍රහයෙන් 6 වන වරටත් සැළලිහිණිගම ‘පියවර’ පෙර පාසල සහ බෝගස්වැව විද්‍යාල පරිශ්‍රයේ පැවති මෙම ත්‍යාග බෙදාදීමේ උත්සව කටයුතු සියල්ල වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ 19 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාස්කෝරාල මහත්මිය, 563 බලසේනාවේ බලසේනාධිපති, බෝගස්වැව පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, සෙසු නිලයින්, සිවිල් වැසියන් සහ සිසුන් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

මෙම උත්සව අවසානයේ දී සහභාගිවුවන් වෙනුවෙන් විශේෂ තේ පැන් සංග්‍රහයන් ද පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මීට පෙර අවස්ථාවන්හිදි ද නැගෙනහිර පළාතේ සිදු කළ මෙවැනි වැඩසටහනක් සඳහා හේමාස් සමුහ ව්‍යාපාරයේ අනුග්‍රහකත්වය ලබා දී ඇත.

Asics footwear | GOLF NIKE SHOES