Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2018 02:07:03 Hours

පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී, ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා (General Qamar JavedBajwa) බදාදා (17) දින උදෑසන යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ජනාධිපති කාර්යාලයේ දී හමුවීය.

පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් දෙරට අතර පවත්නා සමීප සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් සුහදව සාකාච්ඡා කළහ. මිත්‍රශීලි දකුණු ආසියාතික රටක් ලෙස,ශ්‍රී ලංකාවට අසීරු අවස්ථාවන්හිදි පාකිස්තානය විසින් ලබාදුන් සහාය පිළිබඳව සිහිපත් කරමින් ද්වීපාර්ශීය සබඳතා තවදුරටත් පවත්වාගැනීමේ වැදගත්කම අවධාරණය කළහ.

මෙම හමුවේදී අන්නෝන්‍ය අවබෝධතාවය සහ සුහදත්වය සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා විසින් සංචාරක පාකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබූ අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහා කොමසාරිස් ආචාර්ය ශහිඩ් අහමද් හෂ්මට් (Dr.Shahid Ahmad Hashmat), යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Colonel Sajjad Ali) ද එක්විය.

Sports brands | Women's Designer Sneakers - Luxury Shopping