Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2018 19:50:32 Hours

122 බලසේනාව සිය 7 වන සංවත්සරය සමරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 122 වන බලසේනාවේ භට පිරිස් සිය අභිමානවත් 7 වන සංවත්සර දිනය බදාදා (10) දින විශේෂ ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් සමරනු ලැබීය.

සංවත්සර දිනයේ දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් බලසේනාධිපති වෙත පිරිනැමූ අතර, භට පිරිස් ඇමතීමෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද බලසේනාධිපති සහභාගි විය.

තවද, සංවත්සර දිනයට සමගාමීව 122 වන බලසේනා මූලස්ථානයේ අභීනවයෙන් ඉදිකළ ‘බලලත් නිලධාරි හා සැරයන් නිවස්නය’ සහ කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව ද විවෘත කරනු ලැබීය.

122 වන බලසේනාවේ 7 වන සංවත්සර දිනය සැමරීම සඳහා එම බලසේනාවට අයත් ඒකකයන්හි භට පිරිස් ද එක්ව සිටියහ.

සංවත්සර උත්සවය සඳහා 122 වන බලසේනාවේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

Nike shoes | Nike Air Max 270