Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2018 20:01:47 Hours

65 සහ 66 වන සේනාංකයේ භට පිරිස් තෛපොංගල් දින ප්‍රජා සත්කාර ව්‍යාපෘතින් දියත් කරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සහ 66 වන සේනාංකයන්හි භට පිරිස් තෛපොංගල් උත්සවයට සමගාමීව වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේ සහ පුනරින් රජයේ රෝහල් පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහන් දෙකක් පවත්වනු ලැබීය.

පාසලේ විදුහල්පතිතුමන්, 65 වන සේනාංකයේ සේනාංකාධිපති ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම සේනාංකය යටතේ ස්ථාපිත 651 වන බලසේනාවට අයත් 15 වන සිංහ රෙජිමේන්තුවේ 100 කට අධික භට පිරිසකගේ සහභාගිත්වයෙන් පාසල් භූමීය සහ සියලුම ගොඩනැගිලි පිරිසිදු කළහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.

මීට අමතරව, 66 වන සේනාංකයේ භට පිරිස් තෛපොංගල් දින (ජනවාරි 14) පූනරින් රජයේ රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ද පවත්වන ලැබීය.

66 වන සේනාංකයට සහ 661 වන බලසේනාවට අයත් භට පිරිස් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමෙන් අනතුරුව පරිසර හිතකාමි වටපිටාවක් රෝහල් පරිශ්‍රයේ ඇති කිරීම සඳහා ඖෂධ පැළ රෝපණය කරන ලදි.

වැඩසටහන අවසානයේ දී පුනරීන් රෝහලේ බලධාරීන්ගේ අනුමැතිය ඇතිව රෝහල් වාට්ටුවේ රෝගීන් සඳහා දිවා ආහාර ලබාදෙන ලදී. 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙට්ටිවලාන රෝහල් බලධාරීන් හා සම්බන්ධතාවයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

best Running shoes brand | Nike