Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2018 19:51:37 Hours

66 වන සේනාංකයේ භට පිරිස් ජෙයපුරම් සිවිල් වැසියන් සමඟ සුහද ක්‍රිකට් තරඟයක

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් තෛපොංගල් උත්සවයට සමගාමීව ජෙයපුරම් සිවිල් වැසියන් සමඟින් සුහද ක්‍රිකට් තරඟාවලියක් සහ සංගීතමය වැඩසටහනක් ඉරිදා (14) දින සංවිධානය කරනු ලැබීය.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පේටිවලාන ගේ උපදෙස් මත 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාශන වැලිකල ගේ අධීක්ෂණයෙන් මෙම සුහද වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා කණ්ඩායම් හතරක් සහභාගි වූ අතර, ජෙයපුරම් ක්‍රිකට් කණ්ඩායම තරඟාවලියේ ශුරතාවය හිමි කරගත්හ.

එදින සන්ධ්‍යාවේ ජෙයපුරම් මහජන ක්‍රීඩාංගනයේ දී 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සංගීත කණ්ඩායම විසින් වර්ණවත් සංගීත ප්‍රසංගයපවත්වනු ලැබීය.

buy shoes | Nike