Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නත්තල් සමයේදී මිරුසුවිල් ප්‍රදේශයේ සිවිල් වැසියන් 400 කට අධික පිරිසකට වෛද්‍ය ආධාර

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, ‘සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනම’ (SLSDF) සමඟ එක්ව සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායනයක් යාපනය, මිරුසුවිල් පිහිටි උෂාන් රාමදාන් විද්‍යාලයේදී ඉරිදා (24) දින පැවැත්වූ අතර, එහිදී සිවිල් වැසියන් 400 කට අධික පිරිසකට වෛද්‍ය උපදේශණ ලබාදෙනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට අනුව මිරුසුවිල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සිවිල් වැසියන්ට වෛද්‍ය උපදේශණ සහ ප්‍රතිකාරයන් ලබාදීම සඳහා මෙසේ මහනුවර ‘සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ’(SLSDF) වෛද්‍ය උපදේශකයින් කණ්ඩායමක් යාපනයට පැමිණියහ.

‘සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ’ සභාපති පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන හිමි, ‘සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ’ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර රාජපක්ෂ, 52 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි, වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, උෂාන් රාමදාන් විද්‍යාලයේ විදුහල්පති ටී. සෝදලිංගම් මහතා, රාජ්‍ය නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් වැසියන් රැසක් මෙම ජංගම වෛද්‍ය සායනය සඳහා එක්ව සිටියහ.

වෛද්‍ය සායනය තුළදී රෝගීන් 400 ක් පමණ පරීක්ෂාවට භාජනය කළ අතර, රෝග නිවාරණය සඳහා නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්හ. මෙම වැඩපිළිවෙල මගින් බෝ නොවන හා බෝවන රෝග සඳහා ද නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලැබීය.

මෙම වෛද්‍ය සායනය නත්තල් දිනය වෙනුවෙන් ලබාදුන් ත්‍යාගයක් ලෙස එම සිවිල් වැසියන්ට ලබාදී ඇත.

jordan release date | Nike Dunk - Collection - Sb-roscoff