Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2018 23:37:58 Hours

විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් වෘත්තීය නිපුණතා සහතිකපත් ලබයි

කලාඔය, සාලියවැව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී විවිධ වෘත්තීන්හි පුහුණුව ලැබු යුද්ධ හමුදා විශ්‍රාමිකයින් 122 දෙනෙකු සහ සිවිල් අංශයේ සිසුන් 20 දෙනෙකු වෙනුවෙන් ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් (NVQ) ප්‍රදානය කිරීමේ උත්සවයක්, අඟහරුවාදා (02) දින එම පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

මෙම සහතිකපත්ලාභින් ඇලුමිනියම් වැඩ, ගෘහස්ථ විදුලි රැහැන් ඇඳීම, ඉලෙක්ට්‍රොනික් සහ විදුලි උපකරණ අළුත්වැඩියා කිරීම, ජලනල එලීම, වානේ කර්මාන්තය සහ තාක්ෂණික අංශයන්ට අදාලව වසරක් දිගු පාඨමාලා දෙකක් සහ මාස හයක් දිගු පාඨමාලා හයක් අතරින් තෝරාගත් පාඨමාලාවක් හදාරා ජාතික වෘත්තිය නිපුණතා සහතික පත් ලැබීමට සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සම්පත් දායකත්වය ඇතිව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබු මෙම පාඨමාලාවන් සඳහා අ.පො.ස (සා/පෙළ) විභාග සමාර්ථයට සමාන සුදුසුකමක් සේ සැළකෙන ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ප්‍රදානය, මෙසේ ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සම්පත් දායකත්වයෙන් යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය මගින් මෙම පාඨමාලාවන් ක්‍රියාත්මක කරනු ලැබේ.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අනුරාධපුර ශාඛාවේ ස්ථානභාර නිලධාරි සී.පී විජේදාස මහතා සහ කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි පාඨමාලා සාර්ථකව හැදෑරුවන්ට සහතික ප්‍රදානය, කිරීම සඳහා එක්වී සිටියහ.

Authentic Nike Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp