Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

66 වන සේනාංකයේ සම්බන්ධිකරණයෙන් පූනරීන් වැසියන් වෙත නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයෙහි භට පිරිස්, කොළඹ ‘ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය’ සමග එක්ව පූනරීන් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත අක්ෂි සායනයක් පවත්වා අක්ෂි ආබාධ ඇති සිවිල් වැසියන් 398 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි බෙදාදීමේ උත්සවයක් ඉරිදා (10) දින පූනරින් හි පිහිටි කීරන්චි රජයේ දමිළ මිශ්‍ර පාසලේ දී පවත්වනු ලැබීය.

663 වන බලසේනාවේ බලසේනාධිපති සුභාෂන වැලිකල ගේ ඉල්ලීමකට අනුව, ශ්රී ලංකා අක්ෂිදාන සංගමය විසින් මෙම පරිත්යාගය සඳහා පූර්ණ අනුග්රහාය ලබාදුන්හ.

අක්ෂි සායනය වෛද්‍ය අජන්ත අබේවර්ධන ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් පැවැත්වු අතර, වෛද්‍ය පරික්ෂණයේ දී තෝරාගත් පුනරින් ප්‍රදේශයේ අක්ෂි ආබාධ ඇති සිවිල් වැසියන් 398 දෙනෙකු වෙත මෙහිදි ඇස් කන්ණාඩි පරිත්‍යාග කළහ.

මෙම පරිත්‍යාග වැඩසටහන අවසානයේ දී සිවිල් වැසියන් 38 දෙනෙකු මියගිය පසු ඔවුන්ගේ ඇස් පරිත්‍යාග කිරීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙත සිය කැමැත්ත පලකළහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පේටිවලාන ගේ ආරාධනයෙන් සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂන වැලිකල, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති ඊ.එම්.එච්.බී. මොරගස්වැව මහතා, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ භාණ්ඩාගාරික ඩී.සී. ත්‍රිෂාන් මහතා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රජයේ නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

Asics footwear | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD