Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අලංකුලම් ප්‍රදේශයේ කාන්තාවන් හට වගා කටයුතු සඳහා සහයෝගය

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තුනුක්කායි, අලංකුලම් ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවන් හට උදව් පිණිස සහ ඔවුන් ධෛර්යමත් කිරීමේ අදහසින් ඉරිදා (10) දින වගා කටයුතු සඳහා ධාන්‍ය හා එළවළු බීජ බෙදාදීමේ වැඩපිළිවෙළක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන යටතේ රැකියා විරහිත කාන්තාවන් 25 ක් සඳහා වම්බටු, තක්කාලි, බෝංචි, රාබු, මුං ඇට, කව්පි, වැනි බීජ සහ එළවළු පැළ බෙදාදුන් අතර, සෑම කාන්තාවකටම එළවළු වර්ග හතරකට අයත් පැළ 40 ක් ද, ධාන්‍ය බිජ අඩංගු කවර 10 බැගින් ද ලබාදෙන ලදි. මෙම වැඩසටහන අවසානයේ විඩියෝ පටයක් හරහා එළවළු පැළ සිටුවීම,  පොහොර යෙදීම සහ සාත්තුකිරීම පිළිබඳවත් එම කාන්තාවන් දැනුවත් කළ අතර, සහභාගිවුවන් වෙත තේ පැන් සංග්‍රහයක් ද ලබාදෙන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන සහභාගි විය.

65 සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රාදේශීය බලධාරීන් සහ අලම්කුලම් ප්‍රදේශයේ වැසියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Buy Kicks | Air Jordan Release Dates 2020