Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2017 15:02:35 Hours

යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය නෙළුම් පොකුණේ දී

නත්තල් උත්සවය නිමිත්තෙන් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සහ විධායක ජෙනරාල් ශාඛාවේ සම්බන්ධිකරණයෙන් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් මස 14 දින සන්ධ්‍යාවේ කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත් වේ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහභාගිවීමට නියමිත අතර, මෙහිදි ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් ද්විත්වයෙන්ම නත්තල් කැරොල් ගිතීකා ගායනා කරනු ලැබේ.

හිටපු හමුදාපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ කාලාත්‍රයින් ද මෙම අවස්ථාවට පැමිණිමට නියමිතය.

1. යුද්ධ හමුදාව ‘බෙත්ලෙහම්පුරයේ දරුවා’ නෙළුම් පොකුණේදි රඟදක්වයි

bridgemedia | NIKE AIR HUARACHE