Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2017 21:42:11 Hours

පරිසර හිතකාමි ආධුනික සෙබළුන් 157 ක් විසිර යාමේ උළෙලෙදී වටිනා පැළ ලබාගනී

අනුරාධපුර, රණසේවාපුර පිහිටි 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා පාඨමාලා අංක - 36 යටතේ ආධුණික පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් 157 දෙනෙකු සෙනසුරාදා (02) දින එම පාඨමාලාව සාර්ථකව නිමාකර සංඥා බලකා සරඹ පිටියේදී විසිර යන ලදි.

මෙහිදි, ශ්‍රී ලංකා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව යන රෙජිමේන්තු 7 ට අනුයුකක්ත ආධුණික සෙබළුන් 157 දෙනෙකු පුරා මාස 05 ක් පැවති ආධුණික සෙබල පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකර විසිර ගිය අතර, රුක් රෝපණයේ වැදගත්කම අවධාරණය කල යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව සංකල්පයට අනුගතව එසේ විසිර ගිය සෙබළුන්ට වටිනා ශාක පැළ 10 බැගින් ප්‍රදානය කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යටතේ අධුණික සෙබළුන් 157 දෙනා වෙත වටිනා පැළ 1570 ක් පිරිනමනු ලැබු අතර, විසිරයාමේ පෙළපාලියේදී ප්‍රධාන ආරාධිත අමුත්තා අභිමුව රුක් රෝපණයේ වටිනාකම අවධාරණය කෙරෙමින් එම බෙදා දුන් ශාක තම යුද්ධ හමුදා දිවිය තුලදී රැක බලා ගන්නා බවට දිවුරුම් දෙමින් විසිර යන සෙබළුන් වටිනා පැළ ලබාගත්හ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර, විසිර යන ආධුණික සෙබළුන්ගේ සම්මාන ආචාරය පිළිගන්නා ලද අතර, උත්සවය අවසානයේ හොඳම කණ්ඩයට සහ විශේෂ දක්ෂතා දැක්වුවන් හට සම්මාන ප්‍රදානයද ඔහු අතින් සිදුවිය.

හොඳම කණ්ඩය සහ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;

හොඳම කණ්ඩය - ගැමුණු කණ්ඩය

හොඳම කණ්ඩභාර අණදෙන්නා - ලුතිතන් එල්.ආර්.ඩී.ඒ. අබේරත්න, 5 වන ගැමුණු හේවා බළඇණිය

හොඳම කණ්භාර සැරයන් - සැරයන් පී.ඒ.ආර්. විජයකුමාර, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

හොඳම පෙළ අණදෙන්නා - කෝප්‍රල් ඩී.පී. සුමනරත්න, 1 ගජබා රෙජිමේන්තුව

හොඳම ශාරීරික අභ්‍යාස උපදේශක - ලාන්ස් කෝප්‍රල් කේ.ඩී.එන්. ජයන්ත, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

හොඳම වෙඩිකරු - අධුණික සෙබළ පී.එම්. රාජපක්ෂ

ශක්තිමත්ම සෙබළා - ආධුණික සෙබළ ඒ.ජි.එස්.අයි. බණ්ඩාර

සෑම අතින්ම අතිශූර සෙබළා - අධුණික සෙබළ ඩබ්ලිව්.එම්.ජි.බී.එන්. වීරසේකර

jordan Sneakers | Men's Footwear