Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2017 12:30:19 Hours

යුද්ධ හමුදා බෝධිරාජාරාමයේ බෝධීන් වහන්සේ වටා නව රන් වැටක්

පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ (යුද්ධ හමුදා පන්සල) බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට අද (3) උඳුවප් පොහෝ දින පස්වරුවේ පැවති චාම් උත්සවයකදී නිරාවරණය කරන ලදි.

යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති වන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම රන් වැට නිරාවරණය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර, මහා සංඝයාවහන්සේලාගේ පිරිත් සඡ්ජායනා මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමා අතින් මෙම රන් වැට නිරාවරණය කිරීම සිදුවිය.

යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සියළු සාමාජිකයන්ගේ ආධාරයෙන් මෙම අඩි 3.5 ක් උසැති රන් ආලේපිත වැට නිර්මාණය කරන ලදි. ඒ අනුව, මෙම නව රන් වැට අලුත්වැඩියා කිරීමට නොහැකි පැරණි වැට වෙනුවට ප්‍රතිස්ථාපනය විය.

යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ විධායක සාමාජිකයින් විසින් යුද්ධ හමුදා ඉංජිනේරු සංගමයේ සහාය ඇතිව යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ මාස කිහිපයක් ඇතුළත එම රන් ආලේපිත වැට නිර්මාණය කළහ.

සුභ මොහොතින් නිරාවරණය කිරීමෙන් පසුව, බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් බෝධි පූජා පිංකමක් ද එහිදී පැවැත්වුණු අතර, බ්‍රාහ්මණගම දූව පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ අනුශාසක අතිපූජ්‍ය ආචාර්ය මාබුල්ගොඩ සුමනරත්න නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෝධි පූජාව ඇතුළු ආගමික වතාවත් සිදුකරන ලදි.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්, සෙසුනිළයින්, බැතිමතුන් සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් රැසක් මෙම පුණ්‍යෝත්සවයට සහභාගී වූහ.

Running sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov