Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2017 16:29:36 Hours

යාපනය නාග විහාරයේ වාර්ෂික ‘උඳුවප් පෙරහැර’ මෙවරත් ඉහළින් පවත්වයි

යාපනය ශ්‍රී නාග විහාරයේ වාර්ෂික ‘උඳුවප් පෙරහැර’ ඉරිදා (03) දින සන්ධ්‍යාවේ යාපනය අර්ධද්වීපයේ විදි සංචාරය කල අතර, යුද්ධ හමුදාව පෙරහැර පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා සහයෝගය ලබාදෙන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා, 512 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සරත් දිසානායක, යාපනය පොලිසිය සහ රජයේ ආයතන පරිත්‍යාගශීලින්ගේ සහාය ඇතිව මෙවරත් ආගමික සහ සංස්කෘතික අංගයන් ඇතුලත් මෙම වාර්ෂික ‘ උඳුවප් පෙරහැර’ පවත්වනු ලැබීය.

උතුරේ සහ දකුණේ ආගමික සහ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මෙම වාර්ෂික පෙරහැර, මුත්තේවේලි ක්‍රීඩාංගනයේ දී ඉරිදා (03) දින රාත්‍රි 7.30 ට පමණ ආරම්භවී, කන්කසන්තුරේ පාර, රෝහල් පාර, වම්බඩි හන්දිය සහ පලාලි මාර්ගය ඔස්සේ විදි සංචාරය සිදුකොට රාත්‍රි 10.00 ට පමණ විහාරස්ථානය වෙත ලඟාවිය.

යාපනය සහ නුවර පාසල් සිසුන්, යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශයේ නර්ථන ශීල්පින් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ සාමාජිකයින් ද මෙහිදි නර්තන හැකියාවන් ප්‍රදර්ශනය කරමින් පෙරහැරට සහභාගි වු අතර, සාම්ප්‍රදායික නර්තන ශීල්පින්, රංගන ශීල්පින් මෙන්ම අලි ඇතුන් ද පෙරහැර අලංකාරවත් කළහ.

ශ්‍රී නාග විහාරයේ ධාතුන් වහන්සේලා රැගත් කරඩුව බලංගොඩ ‘රාජු’ හස්තියා පිට වැඩමවිම සිදු කල අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් පෙරහැර අවසානයේ දී ධාතු කරඩුව නැවතත් විහාර ගර්භයේ තැන්පත් කරන ලදි.

සියලු ආගම්වල පූජකවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. විදනායගම් මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

url clone | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ