Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2017 18:12:00 Hours

කණිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරින් මුලතිව් සංචාරයක

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණූ පාසලේ කණිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාවට අයත් ප්‍රතිත්‍රස්ථ කැලෑබඳ සටන් පුහුණු පාඨමාලා අංක 20 හි ශිෂ්‍ය නිලධාරින් කණ්ඩායමක් සඳුදා (13) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකරන ලද අතර ඒ සඳහා විදේශීය රටවල් 7 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරින් කණ්ඩායමක් ද එක්ව සිටියහ.

මෙම ශිෂ්‍ය නිලධාරි කණ්ඩායම පළමුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වු අතර එහිදි මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ වත්මන් කාර්යභාරය පිළිබඳවත්, පශ්චාත් යුද සමයේ සංවර්ධන ක්‍රියාවලිය සහ යුද්ධ හමුදා සාමාජිකයන් සිවිල් ප්‍රජාව සමඟ යහපත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනිම යන කරුණු කෙරෙහිද වැඩි අවධානයක් යොමු කෙරිණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු වෙනුවෙන් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ප්‍රදීප් සිල්වා විසින් මෙම ශිෂ්‍ය නිලධාරි කණ්ඩායම පිළිගන්නා ලදි.

මෙම ශිෂ්‍ය නිලධාරි කණ්ඩායම එදිනම (13) 59 හා 64 වන සේනාංක මුලස්ථානයන් වෙත පැමිණෙන ලදී. 2009 මැයි මාසයෙන් අවසන් වු මානුෂීය මෙහෙයුමේ විවිධ අදියරයන් වලට අදාල වැදගත් ස්ථාන වෙත ඊට පසු දින (14) සංචාරය කල අතර එහිදී 23 ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සහ 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් අවශ්‍ය පහසුකම් සලසන ලදි.

ඉන්දියාව, පකිස්ථානය, මාලදිවයින, නේපාලය සහ භූතානය යන විදේශිය රටවල්වල හමුදාවන් නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය නිලධාරින් ද මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා එක් ව සිටියහ.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක හා අණ දෙන නිලධාරි ලුතිතන් කර්නල් ප්‍රියන්ජිත් හැන්නදිගේ ඇතුළු උපදේශකයින් මුලතිව් ප්‍රදේශයේ සිදුකරන ලද මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා එක්විය.

Sneakers Store | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger