Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2017 17:13:02 Hours

පූනකරි සහ කිලිනොච්චි රාජ්‍ය නිලධාරින් සඳහා ලබා දුන් යෝගා පුහුණුවට ප්‍රශාංසා

පූනකරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන රාජ්‍ය නිලධාරින්ගේ කායික, මානසික හා අධ්‍යාත්මිකත්වය වර්ධනය කිරිමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද යෝගා පුහුණුව වෙනුවෙන් පූනකරි ප්‍රාදේශීය ලේකම් තුමන් 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන වෙත ලිපියකින් සිය ස්තුතිය පුදකර ඇත.

පූනකරි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන 66 වන සේනාංක භට පිරිස් විසින් ‘යෝගා සහ සැහැල්ලු බව ඇතිකිරිමේ ශිල්පීය ක්‍රම’ යන තේමාව යටතේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් සඳහා දින 02 ක යෝගා පුහුණු වැඩසටහනක් නොවැම්බර් මස 6 සහ 7 දින එම කාර්යාලයේදී සංවිධානය කරන ලදී.

ඒ අනුව, යෝගා උපදේශක යෝගී ලීලානන්ද වික්‍රමආරච්චිගේ මුලිකත්වයෙන් පවත්වනු ලැබු මෙම යෝගා පුහුණු වැඩසටහනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විවිධ අංශයන් හී ප්‍රධානින් ඇතුළු නිලධාරින් 55 කු සහභාගි විය. පුහුණු වැඩසටහනේ දෙවන දිනයේදී පැවති ප්‍රශ්ණ හා පිළිතුරු ලබාදිමේ සැසියේදී යෝගා පුහුණුකරු විසින් යෝගා පුහුණු වන්නන්ගේ ගැටළු වලට පිළිතුරු ලබාදෙමින් යෝගා පීළිබඳ දැනුම සහ තව තවත් වැඩි දියුණු කරන ලදි.

මෙම යෝගා පුහුණුව සඳහා සහභාගිවිමට නොහැකි වු පූනකරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරින් වෙත ද තවත් මෙවැනිම යෝගා පුහුණු වැඩසටහනක් ලබාදෙන මෙන් ද ප්‍රාදේශීය ලේකම් සී.සී කිරුෂෙන්ඩිරන් මහතා විසින් 66 සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එවන ලද ස්තුති ප්‍රකාශ ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.

යුද්ධ හමුදාව හා සිවිල් ප්‍රජාව අතර හොඳ හිත, අවබෝධය සහ සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් පවත්වන ලද මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්තුමන්, 66 සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ඇතුළු රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වුහ.

මේ අතර, තවත් මෙවැනිම යෝගා පුහුණු වැඩසටහනක් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. අරුමේනයහම් මහතාගේ ඉල්ලීමකට අනුව අඟහරුවාදා (14) දින කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පවත්වන ලදි.

පසුගිය නොවැම්බර් 6 සහ 7 යන දිනයන් හිදි 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන විසින් පූනකරි ප්‍රාදේශීය ලේකම්තුමන් ගේ ඉල්ලීමකට අනුව එම ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරින් 62 කු සඳහා ලබාදුන් යෝගා පුහුණු වැඩසටහනේ දෙවන අදියර වශයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

best shoes | Air Jordan Release Dates 2020