Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th November 2017 23:20:06 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා 66 වන සංවත්සර උත්සව මාලාවේදී මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 66 වන සංවත්සර උත්සව මාලාවට සමඟාමිව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මියගිය රණවිරුවන් හට පුෂ්පෝපහාර දැක්විම හා අභිනවයෙන් ඉදිකරන ලද නව සම්මේලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරිම එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී අද (11) දින සන්ධ්‍යාවේදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් ‍සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය තම 66 වන සංවත්සර උළෙල පසුගිය බ්‍රහස්පතින්දා (9) දිනට යෙදි තිබු අතර එයට සමඟාමිව විවිධ උත්සව රැසක් පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන භුමියේ දී පැවැත්විණ.

ඉංජිනේරු බලකායේ රණවිරු ස්මාරකය අභියස දී ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සියළුම මියගිය රණවිරුවන්ගේ පවුලේ ඥාතින් විසින් මල් කලඹක් හා විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පවත්වමින් දේශය වෙනුවෙන් තම ජිවිත පුජා කරන ලද ඉංජිනේරු බලකායේ අභීත රණවිරුවන්ගේ ජිවිත සදාකල් ආලෝකමත් වේවායි ප්‍රාර්ථනා කරමින් දොලොස්මහේ පහන (eternal lamp) දල්වන ලදී. අනතුරුව මියගිය රණවිරුවන් වෙනුවෙන් ‍බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් සර්ව ආගමික වතාවත් ද සිදුකරන ලදි.

ඉංජිනේරු බලකායේ රණවිරු ස්මාරකය අභියස දී ප්‍රධාන ආරාධිත අමුත්තා වන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පළමු මල් කළඹ තැන්පත් කර මියගිය රණවිරුවන් වෙනුවෙන් ‍තම ආචාරය පුදකිරිමෙන් අනතුරුව පිළිවෙලින් ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක, ඉංජිනේරු බලසේනාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක, ඉංජිනේරු බලකායේ විශ්‍රාමික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරින්, ඉංජිනේරු බලකා පුහුණු පාසලේ සේනාවිධායක සහ රෙජිමේන්තු බලලත් නිලධාරින් විසින් මල් කලඹ තැන්පත් කරන ලදී.

ඉංජිනේරු බලකායේ විශ්‍රාමික නිලධාරින්, සේවයේ යෙදි සිටින නිලධාරින්, මියගිය රණවිරුවන්ගේ පවුලේ ඥාතින් ඇතුළු විශාල පිරිසක් මෙම 66 වන සංවත්සර උත්සව මාලාව සඳහා එක්ව සිටියහ.

රණවිරු අනුස්මරණ උත්සවයට පෙර රෙජි‍මේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද බහුවිධ සම්මේලන මධ්‍යස්ථානය සියළු නිලයින් සඳහා සෙනසුරාදා (11) දින යුද්ධ හමුදාධිපති තුමන් විසින් විවෘත කරන ලදී.

හමුදා සම්ප්‍රදායානුකුලව ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සම්මාන මුරයක් පිරිනැමිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් ප්‍රධාන ආරධිත අමුත්තා පිළිගත් අතර ඒ මොහොතේ දේශානුරාගි ගීතයන් හි අනුවාදනයන් වා තලයට මුසුකරන ලදි. සම්ප්‍රදායික උඩරට වෙස් නැටුම් කණ්ඩායම විසින් ඉතා අභිමානවත්ව ප්‍රධාන ආරාධිත අමුත්තා විවෘත කිරිමට නියමිත අභිනව සම්මේලන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදි.

සෙත් පිරිත් සජ්ජායානා මධ්‍යයේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කරමින් රෙජි‍මේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද සම්මේලන මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

ඉංජිනේරු බලකා නිලධාරින් සමඟ සුහද කථාබහක නිරතවෙමින් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සුභසාධනය සහ අනෙකුත් අවශ්‍යතාවයන් පීළිබඳව විමසා සිටින ලදී.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සංවත්සර උත්සවයට සමඟාමිව කර්නල් සේනාවිධායක වෙත සම්මාන පෙලපාලියක් පිරිනැමු අතර සියළු නිල භෝජන සංග්‍රහය ද සංවත්සර දින වන පසුගිය බ්‍රහස්පතින්දා (9) දින පවත්වන ලදී.

සෙනසුරාදා (11) දින පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවෙන් අනතුරුව ඊට පසු දින (12) උදෑසන මහා සංඝරත්නය වෙනුවෙන් හීල් දානය පිරිනැමිමෙන් පසු ඉංජිනේරු බලකා අභිමානවත් 66 වන සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්වේ.

Sports brands | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos