Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සෙබලියන් වෙතින් භාරතිපුරම් සිසුන් සඳහා පාවහන්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සෙබලියන් විසින් භාරතිපුරම්හි රාමක්‍රිෂ්ණම් ප්‍රාථමික විද්‍යාලයේ තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වල සිසුන් 87 දෙනෙකු වෙත රු 62,600 ක් වටිනා පාවහන් සහ මේස් තොගයක් පරිත්‍යාග කරන ලදි. ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් පාවහන් හා මේස් යුවල් මිලදීගැනීමට අපහසුවෙන් සිටි මෙම දරු දැරියන් වෙනුවෙන් 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් සහ සෙබළියන් විසින් තම පුද්ගලික මුදල් පරිත්‍යාග කරමින් එම දරු දැරියන්ගේ පාසල් අවශ්‍යතාවයන් ඉටුකර දී තිබුණි. උසස් තත්වෙය් පාවහන් හා මේස් යුගල් අඩංගු ත්‍යාග පාර්සල් ලබාදී එම අවශ්‍යතාවයන් ඉටුකරදී තිබුණි.

6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකයන් විසින් කිලිනොච්චි සිවිල් සම්බන්ධීකරණ නිලධාරිගේද සහයෝගය ඇතිව වෛද්‍ය පරීක්ෂණ පවත්වා දත් දිරායාම මෙන්ම පෙනීමේ දුර්වලතා හදුනාගැනීමටද එම දරු දැරියන් යොමුකරන ලදි.

6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් එස් දයානන්ද සහභාගී විය.

Best Nike Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals