Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2017 22:22:20 Hours

57 වන සේනංකයේ භට පිරිස් ‘දීපවාලි’ උත්සවය වෙනුවෙන් කෝවිල් පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කරයි

57 වන සේනාංකයේ භට පිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ හින්දු බැතිමතුන්ට ‘දීපවාලි’ උත්සවය පැවැත්වීම සඳහා සිය සහයෝගය ලබාදෙමින් කෝවිල් භූමිය සුද්ධ පවිත්‍ර කරන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත දීපවාලි උත්සවයට පෙර දින එම සේනාංකයේ භට පිරිස් විසින් මෙසේ කෝවිල් භුමිය සහ වටපිටාව පිරිසිදු කරමින් එම පුණ්‍යකර්මයට දායකවී තිබේ.

දීපවාලි දින කිලිනොච්චි කන්නා කෝවිලේ සහ කිලිනොච්චි කුන්ඩසාමි කෝවිලේ පැවැති ‘පූජාවන්’ සඳහා ද භට පිරිස් එක්විය.

ප්‍රදේශවාසි හින්දු බැතිමතුන් සමඟි සාමය හොඳහිත සහ සංහිඳියාව ප්‍රවර්ධණය කිරීමේ අරමුණින් 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 571, 572, 573 සහ 574 වන බලසේනාවන් විසින් සංවිධානය කරනු ලබන විශේෂ දීපවාලි පූජාවන් කිලිනොච්චි ගණදෙවි කෝවිල, විෂ්වමඩු මාරි අම්මාන් කෝවිල, කන්දවාලි පත්තමොට්ටි මුරුගන් කෝවිල, මාන්කුලම් ගණපති කෝවිල, මින්නච්චි අම්මාන් කෝවිල, කොරක්කන්කඩු පුල්ලයාර් කෝවිල, මුරුකන්ඩි කෝවිල, තොත්තියඩි සිත්ති විනයාගර් කෝවිල, මලයාලපුරම් පත්තිනි අම්මාන් කෝවිල, තිරුවායි අරු පුල්ලයාර් කෝවිල, භාරතිපුරම් අම්මාන් කෝවිල, මායාවනුර් කන්නාන් කෝවිල සහ මයිලවන්නපුරම් මුත්තුමාරි අම්මාන් කෝවිලේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ පුර්ණ අනුග්‍රහයෙන් මෙම පුණ්‍ය කටයුතු සිදුවිය.

Sports News | シューズ