Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

51 වන සේනාංකයෙන් සෙල්වපුරම් සාමාන්‍ය වැසියන්ට අක්ෂි සායනයක්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ යාපනයේ ස්ථානගත 51 වන සේනාංකයේ භට පිරිස් විසින් 68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සෙල්වපුරම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් වෙනුවෙන් අක්ෂි සායනයක් සිකුරාදා (06) දින පවත්වන ලදී. සෙල්වපුරම් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයේ පවත්වන ලද මෙම අක්ෂි සායනයේ දී හඳුනාගත් අක්ෂි ආබධ සහිත සාමාන්‍ය වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි ලබාදිම සිදු විය.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණ අක්ෂි සායනය ආරම්භ කල අතර, කොළඹ ප්‍රදේශයේ ලක්ෂමන් අබේගුණරත්න මහතා මේ සඳහා මුල්‍යධාර සපයන ලදී.

සාමාන්‍ය වැසියන් 118 ක් මෙහිදි ඇස් පරික්ෂාවට ලක් කොට කණ්නාඩි සහ උපදෙස් ලබාදිම සිදු කෙරිනි.

යුද්ධ හමුදා නිලධාරින්, සෙබළුන් සහ සාමාන්‍ය වැසියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාහි වුහ.

short url link | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp