Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2017 17:48:42 Hours

ජාතික ශිෂ්‍ය භට බලකා සමාජිකයින් විසිරයයි

මේ දක්වා වර්ෂ 135 ක ඉතිහාසයක් ඇති ජාතික ශීෂ්‍ය භට බලකායේ හර්මන් ලෝස් කුසලාන/ද සොයිසා කුසලාන ශිෂ්‍ය භට කඳවුරේ විසිර යාමේ පෙලපාලිය 19 දින පෙරවරුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු කඳවුරේ දී පවත්වන ලදී.

රටපුරා පාසැල් 2000 අතරින් ශිෂ්‍යභට කණ්ඩායම් 60 ක් නියෝජනය කරමින් පාසැල් ශිෂ්‍ය භටයින් 1500 ක් මෙවර ශිෂ්‍ය භට කඳවුරු අවසාන තරඟ සඳහා සහභාගි විය. මීට අමතරව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ පකිස්ථානය නියෝජනය කරමින් ශිෂ්‍ය භටයින් 60 ක් සහ නිලධාරින් 15 කු රන්ටැඹේ පැවැති මෙම ශිෂ්‍ය භට කඳවුර සඳහා සහභාගි විය.

මෙවර ශිෂ්‍ය භට කඳවුරු සම්මාන පෙලපාලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක රාජ්‍ය ඇමති ගරු රුවන් විජේවර්ධන සහභාගි වු අතර, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වුහ.

ජාතික ශිෂ්‍ය භට බලකා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.කේ.පි. වික්‍රමසිංහ (විශ්‍රාමික) විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිලිගන්නා ලදි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන උත්සවයට පැමිණි පිරිස අමතමින් අභියෝගයන්ට මුහුණදිය හැකි විනය ගරුක සමාජයක් ගොඩනැගිමට ජාතික ශිෂ්‍ය භට බලකාය සිදුකරන මෙහෙවර ප්‍රශංසාවට ලක් කල අතර, විශීෂ්ඨ දස්කම් දැක්වුවන්ට පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද එතුමන් අතින් සිදුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් ද ජයග්‍රාහකයින්ට පදක්කම් සහ සහතික පිරිනැමීම සඳහා එක්වු අතර, ජාතික ශිෂ්‍යභට බලකා අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ඒ.කේ.ඩී. වික්‍රමසිංහ (විශ්‍රාමික) විසින් ගරු ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමන් වෙත සමරුඵලකයක් ද එහිදි පිලිගන්වනු ලැබීය.

2017 වර්ෂයේ හොඳම පාසැල් ශිෂ්‍ය භට කණ්ඩායම ලෙස කඳාන ද මැසනඩ් විද්‍යාලය ප්‍රථම ස්ථානය හිමිකරගනීමින් හර්මන් ලෝස් කුසලානය හිමිකරගත් අතර, කොළඹ නාලන්ද විද්‍යාලය දෙවන ස්ථානයත් කුරුණෑගල ඉබ්බාගමුව මහා විද්‍යාලය තෙවන ස්ථානයත් හිමිකරගත්හ.

මේ අතර, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය හොඳම කාන්තා ශිෂ්‍ය භට කණ්ඩායම ලෙසත් ද සොයිසා කුසලානය හිමි කරගත් අතර, කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය දෙවන ස්ථානයත් කොළඹ දේවී බාලිකා විද්‍යාලය තුන්වන ස්ථානයත් පිලිවෙලින් හිමිකරගත්හ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා විශේෂ ටැටු (Tattoo) සංදර්ශනයක් පැවැත් වු අතර, එහිදි ක්‍රියාන්විත යුධ අභ්‍යාස සංදර්ශන, ගලවා ගැනීමේ මෙහෙයුම්, සම්මාන අවස්ථාවන්, නිදහස් ආර පැරෂුට් පිමි, සුනඛ සංදර්ශන, පාලම් තැනිම්, කාලතුවක්කු සහ ජිප් රථයක් එකලස් කිරීම, ධාවන සංදර්ශන, රණබෙර සහ බියුගල් නලා සංදර්ශන, ශාරීරික පුහුණු සංදර්ශන, ගිණි කෙලි සංදර්ශන ආදී අංගයන් මගින් යුද්ධ හමුදා සාමාජිකයිනගේ කුසලතාවයන් මනාව ප්‍රදර්ශනය කරන ලදී.

ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජාතික ශිෂ්‍ය භට බලකා නියෝජ්‍ය අධ්‍යක්ෂක, ජාතික ශිෂ්‍ය භට බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විදුහල්පතිවිරුන්, ගුරුවරුන්,ශිෂ්‍ය භටයිනගේ දෙමාපියන්, සුභ පතන්න් ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන පිරීනැමීමේ අවස්ථාවට පැමිණ සිටියහ.

වාර්ෂිකව හෝමන් ලෝස් කුසලානය හොඳම පිරිමි ශිෂ්‍ය භට කණ්ඩායමට පිරිනමන අතර, ද සොයිසා ශුරතා කුසලානය හොඳම කාන්තා ශිෂ්‍ය භට කණ්ඩායමට හිමිගන්වනු ලබයි.

රන්ටැඹේ ශිෂ්‍ය භට කඳවුරේ දී සියළුම ශිෂ්‍ය භටයින් ශාරීරික අභ්‍යාස, නායකත්ව ක්‍රියාකාරකම්, පා සරඹ, භූමියේ හැසිරීම, ප්‍රථමාධාර, පෞරුෂවර්ධන ආදී විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහ න්‍යයාත්මක පුහුණුවීම් වල නිරත වේ.

ජාතික ශීෂ්‍ය භට බලකායේ පාඨමාලා හරහා ශිෂ්‍ය භටයින්ගේ චරිත සංවර්ධනය, ධෛර්ය වර්ධනය, ක්‍රීඩා කෞෂල්‍ය, ආත්ම ශක්තිය, විනය, අභියෝගයන්ට මුහුණදිමේ හැකියාව, වගකිම් දැරීම, සහෝදරත්වය වැනි ගුණංග වර්ධනය අපේක්ෂා කෙරේ.

හර්මන් ලෝස් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට සහ සාක් කලාපීය ශිෂ්‍ය භටයින්ට පදක්කම් පිරීනැමීමේ අංගයන් උත්සව අවස්ථාව වර්ණවත් කලහ.

Sport media | Nike Shoes