Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2017 17:19:10 Hours

නෝර්වේ තානාපති යාපනය ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ගරු තොර්බියොන් ගවුස්ටැදර් මහතා (Mr Thorbjorn Gaustadsaether) ඇතුළු දුත පිරිසක් බදාදා (18) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දි එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

මෙම සුහද හමුවේ දී ආරක්ෂක සේනා ආඥාපති විසින් නෝර්වේ තානාපති ඇතුළු දුත පිරිස වෙත යාපනය අර්ධද්විපයේ වත්මන් ආරක්ෂක තත්ත්වය, සංහිඳියා ක්‍රියාවලිය සහ යටිතල පහසුකම් සංවර්ධනයට යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳව කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කළහ.

මෙම සුහද හමුව අවසානයේ නොර්වේ තානාපති වෙත සමරු තිළිණයක් ද යාපනය ආඥාපති විසින් පිළිගැන්විය.

best shoes | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK