Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2017 22:23:50 Hours

ආබාධිත රණවිරුවන් තිදෙනකුගේ විවාහ මංගල උත්සවය ‘සියනෑවේ අපි’ අනුග්‍රහයෙන් ජයටම

ගම්පහ සියනෑ කෝරළයේ රණවිරු සුභසාධනය වෙනුවෙන් මෙහෙවර රැසක් ඉටු කරන ‘සියනෑවේ අපි’ සත්කාරක සංවිධානය විසින් අඛණ්ඩව 6 වන වරටත් අඟහරුවාදා (24) දින ත්‍රස්ථවාදීන්ට එරෙහිව යුද්ධයේ දී ආබාධිත වු රණවිරුවන් තිදෙනෙකුගේ සමුහ විවාහ මංගල්‍යය උත්සවයක් ඉතා ඉහලින් සංවිධානය කර තිබේ.

කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු ‘ද සැලියුට්’ (The Salute) උත්සව ශාලාවේ පැවැත්වෙන මෙම විශේෂ මංගල්‍යය උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවීමට නියමිතය.

8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් බී.ජි.එස්.කේ. නන්දසිරි, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ජි.ඩී.ටි.බී.එස්.කේ. චාමිකර සහ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.පී. ප්‍රේමසිරි ගේ විවාහ මංගල්‍යය උත්සවයත් ‘සියනෑවේ අපි’ සංවිධානයේ අනුග්‍රහයෙන් විශේෂ මංගල උත්සවයක් ලෙස එම උත්සව ශාලාවේ පවත්වනු ලබන අතර, විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් අාරියසිංහ සහ මනාල මනාලියන්ගේ ඥාතීන්ගේ ද සහභාගිත්වයෙන් මෙම විවාහ උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Sportswear Design | New Balance 991 Footwear