Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th October 2017 17:23:19 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් ශුරතාවය දිනාගනියි

අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් තරඟාවලිය - 2017 අවසන් මහා තරඟය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (12) දින නරඹන්නන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

යුද්ධ හමුදා ජිම්නාස්ටික් කමිටුවේ සභාපතිගේ ආරාධනයෙන් ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරණ මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර සහභාගි විය.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පූරා දෙදිනක් පැවති මෙම තරඟාවලියේ අවසන් තරඟ අද (12) උදෑසන පැවැත් වූ අතර, වර්ණවත් යුද්ධ හමුදා තුර්ය වාදක සංදර්ශනයක්, සහ ජිම්නාස්ටික් සංදර්ශනයක් ද මෙදින වැඩසටහනට ඇතුලත්විය.

එම සංදර්ශනයන්ගෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරනු ලැබීය.

මෙම තරඟාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හිමි කරගත් අතර, දෙවන ස්ථානය ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට හිමි විය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රෝහන බණ්ඩාර, ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ක්‍රීඩා ලොලීන් සහ පවුල්වල සාමාජිකයින් ද මෙම තරඟාවලිය නැරඹිම සඳහා පැමිණ සිටියහ.

best Running shoes brand | THE SNEAKER BULLETIN