Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th October 2017 23:19:10 Hours

යුද්ධ හමුදා දිනයට සමගාමීව 53 වන සේනාංකයෙන් ප්‍රජා සත්කාර වැඩසටහන්

දඹුල්ල, ඉනාමළුවේ හී පිහිටි 53 වන සේනාංකයේ භට පිරිස් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් අනුව 68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ඔක්තෝබර් මස 05 සිට 10 දින දක්වා ප්‍රජා සත්කාර ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.

එම සේනාංක මූලස්ථානයේ ‘බෝ මළුව’ අභියස දී බ්‍රහස්පතින්දා (05) දින යුද්ධ හමුදාවට ආශිර්වාද පතා විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත් වූ අතර, සිකුරාදා (06) දින කළුන්දෑව පූරාණ බෝධි මළුව වත්ත විවේකාශ්‍රම භූමි පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.

තවද එදින 53 වන සේනාංක භට පිරිස් විසින් කැකිරාව, මධාටුගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ආබාධිත නේවාසිකයන් වෙත දිවා ආහාරය පිළිගන්වනු ලැබීය.

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිල ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් මෙම වැසටහන් සඳහා එක්ව සිටියහ.

short url link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ