Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th October 2017 23:09:45 Hours

යුද්ධ හමුදා සංවත්සරයට සමගමීව යාපනය, වන්නි සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයන් හි වැඩසටහන්

68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථානයන් හී සංවත්සර වැඩසටහන් සංවිධානය කරනු ලැබු අතර, හමුදා සම්ප්‍රදායානුකුලව 68 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩය පිළිබඳව භට පිරිස් දැනුවත් කර ප්‍රජා සත්කාර ව්‍යාපෘතින් රැසක් ක්‍රියාවට නංවන ලදි.

පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී නිලධාරින් සහ සෙසු නිලයින් රැසකගේ සහභාගිත්වයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් රසික කරුණාතිලක විසින් එම මුලස්ථාන ධජය ඉහලට එසීමෙන් අනතුරුව ජාතික ගීය ගයනා කර යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩය ප්‍රකාශ කළහ.

අනතුරුව, 68 වන යුද්ධ හමුදා සංවත්සර දිනය සංකේතවත් කරමින් බ්‍රිගේඩියර් රසික කරුණාතිලක විසින් මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, සියළු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගි විය.

එමෙන්ම, 68 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවති උත්සවය සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එච්.පි.එන්.කේ. ජයාපතිරණ සහභාගි වු අතර, ආරක්ෂක සේනා මුලස්ථාන ධජය ඉහලට ඔසවා, යුද්ධ හමුදා ගිතය ගායනා කර යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩය දැනුවත් කිරීමෙන් අනතරුව, සියළු නිල තේපැන් සංග්‍රහයක් පවත්වන ලදි.

මේ අතර, වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් යුද්ධ හමුදා දිනයට සමගාමීව ඉරිදා (08) දින වවුනියාව ග්‍රේස් (Grace) ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා ආහාර වේලක් පිරිනමනු ලැබු අතර, වවුනියාව ප්‍රදේශයේ දී බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික වතාවත් සිදු කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම යටතේ 68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවති උත්සවයේ දී යුද්ධ හමුදා ධජය ඔසවා, යුද්ධ හමුදා ගීතය ගායනා කර යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩය ප්‍රකාශ කිරීමෙන් අනතුරු සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

එමෙන්ම, කිලිනොච්චි මුලික රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහක් සඳුදා (09) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් 100 ක පමණ සහභාගිත්වයෙන් සිදු කල අතර, එහිදි මඳුරුවන් බෝවන ස්ථාන විනාශ කොට, වාට්ටු, ජලප්‍රවාහන පද්ධතිය සහ අවදානම් ස්ථාන සියල්ල පිළිබඳ සොයා බලා අඩුපාඩු පිලිසකර කරදෙන ලදි.

jordan Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos