Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2017 21:53:25 Hours

පුර්ණ හමුදා ගෞරව ආචාර මැද මේජර් ජෙනරාල් වික්‍රමනායකගේ (විශ්‍රාමික) අවසන් කටයුතු සිදු කරයි

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් ඩි.ජේ ද එස් වික්‍රමනායකගේ (විශ්‍රාමික) අවසන් කටයුතු අඟහරුවාදා (11) දින පස්වරුවේ දී යුද්ධ හමුදා භට පිරිස්, පවුලේ ඥාතින් සහභාගිත්වයෙන් කොළඹ 08, බොරැල්ල පොදු සුසාන භුමියේ දී සිදු කෙරුණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අධ්‍යක්ෂවරුන් සහ මියගිය නිලධාරියාගේ සමකාලීනයන්, පාසල් මිතුරන් සහ ඥාතින් ආදාහන උත්සවයට ගෞරව දැක්විම පිණිස පැමිණ සිටියහ.

නැසිගිය මේජර් ජෙනරාල් ඩි.ජේ ද එස් වික්‍රමනායක (විශ්‍රාමික) දශක තුනකට ආසන්න කාලයක් යුද්ධ හමුදාවට සේවය කර තිබු අතර, 2017 සැප්තැම්බර් මස 29 වන දින ඕස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත විය.

දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර බොරැල්ල සුසාන භුමිය අභියසට පැමිණි අවස්ථාවේ දී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව ආචාර දක්වා කාලතුවක්කු ගැලෙහි (gun carriage) තැන්පත් කර ජාතික ධජයෙන් ආවරණය කොට පුර්ණ හමුදා ගෞරවාචාර පෙළ පාලියෙන් බොරැල්ල කනත්ත වෙත රැගෙන එන ලදි.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නැසිගිය මේජර් ජෙනරාල් ඩි.ජේ ද එස් වික්‍රමනායක (විශ්‍රාමික) වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලදී. යුද්ධ හමුදා නිලධාරියකුගේ අභාවප්‍රාප්තවිම වෙනුවෙන් හමුදා සම්ප්‍රදායනුකුලව ප්‍රදානය කෙරෙන කාලතුවක්කු වෙඩිමුර ආචාරය පුද කිරීම ඉන් අනතුරුව සිදුවිය.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ වාදනය මෙම අවස්ථාවේදි සිදු කරන ලද අතර, අභාවප්‍රාප්ත යුද්ධ හමුදා නිලධාරියාගේ අවසන් ගමන එම බියුගල් නාදයෙන් සංවේදජනක ලෙස සිහිපත් කරන ලදි. අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නැසිගිය මේජර් ජෙනරාල් ඩි.ජේ ද එස් වික්‍රමනායකට (විශ්‍රාමික) ඔහුගේ සේවා කාලය තුල පිළිගන්වන ලද හමුදා පදක්කම් පවුලේ ඥාතින්ට භාරදිම එහිදි සිදුවිය.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් ගේ සෘජු අධික්ෂණයෙන් සහ කාලතුවක්කු රෙජිමේන්තු කර්නල් සේනාවිධායකගේ සම්බන්ධිකරණයෙන් මෙම අවමංගල්‍ය කටයුතු සංවිධානය කොට තිබුණි.

Running sports | Nike for Men