Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2017 17:51:45 Hours

මාන්කුලම් විහාරස්ථානයේ කඨින පිංකමට 57 වන සේනාංකයේ භට පිරිස් හි සහාය

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් හි සහයෝගයෙන් මාන්කුලම් ශ්‍රී සුගත විහාරස්ථානයේ වාර්ෂික කඨීන පිංකම ඔක්තෝබර් මස 6 සහ 7 යන දිනයන්හි පවත්වන ලදි.

විහාරාධිපති පූජ්‍ය හිඟුරන්කන්දේ සුමන ස්වාමින් වහන්සේ විසින් 57 වන ‍සේනාංකයේ සහ 574 බලසේනා මූලස්ථානයේ භට පිරිස් හි සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස 06 වන දින පස්වරුවේ බෝධි පූජාව සහ ආගමික වතාවත් ඉටු කරන ලද අතර, පසුදින කඨින චීවර පෙරහැර සඳහා ද භට පිරිස් දායකත්වය ලබාදුන්හ.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, 574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන සෝමවීර, සහ 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භට පිරිස් සෙනසුරාදා (07) දින පැවති කඨීන චීවර පෙරහැර සඳහා ද සහාය දැක්වූහ.

මාන්කුලම් සුගත විහාරාධිපති පූජ්‍ය හිඟුරන්කන්දේ සුමන හිමියන්ගේ ආරාධනයෙන් මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මුවාතගම ආනන්ද හිමි ප්‍රධාන අනුශාසනාව සිදු කරමින් කඨීන චීවර පූජාවේ වැදගත්කම පිළිබඳව දේශනා කළහ.

ඔක්තෝබර් මස 07 වන දින පැවති සම්ප්‍රදායික කඨීන චීවර පෙරහැර පැවැත්වීම පිණිස 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, 574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන සෝමවීර ඇතුලු නිලධාරීන්, සෙසු නිලයින් සහ බැතිමතුන් සහභාගි වූ අතර, මහා සංඝයා වෙනුවෙන් හීල් දානය හා සාංගීක භාණ්ඩ පුජා කිරීමට ද ඔවුන් දායක වූහ.

මෙම සම්පූර්ණ කඨීන පූජාවට සහ හීල් දානය වෙනුවෙන් වූ පූර්ණ මූල්‍ය දායකත්වය පන්නිපිටිය ‘සරස්වති’ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් දරණ ලද අතර, 574 වන බලසේනාවේ භට පිරිස් ඇතුලු පරිත්‍යාගශිලී බැතිමතුන් රැසක් මෙම දානමය පූණ්‍යකර්මය සඳහා සහභාගි වන ලදි.

Nike sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger