Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2017 17:51:24 Hours

දියතලාව නගරය සහ අවට මාර්ගයන් පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක්

68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරන ලද වැඩසටහන් මාලාවට අනුව හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා දිවෙන මාර්ගයේ ‘වයි’ (Y) හන්දිය සහ දියතලාව නගරය අතර ප්‍රධාන මාර්ගය දෙපස ශුද්ධ පවිත්‍ර කිරීම සඳුදා (09) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සිදු කරන ලදි.

වැසි ආරම්භයත් සමඟ මාර්ගය දෙපස කුණු කසල හා අනෙකුත් අපද්‍රව්‍යන් එකතුවීම හේතුවෙන් සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම පිළිබඳව අවධානය යොමු කළ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් 150 කට වැඩි ප්‍රමාණයක් යොදවා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.

දියතලාව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, බණ්ඩාරවෙල මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශිය සභාව, දියතලාව දුම්රිය ස්ථානය, දියතලාව එක්සත් වෙළඳ සංගමය, රාජ්‍ය හා පුද්ගලික ආයතන මෙන්ම දියතලාව පොලිස් ස්ථානය ද මේ සඳහා සිය දායකත්වය ලබාදෙන ලදි.

trace affiliate link | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK