Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2017 20:55:27 Hours

‘යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරඟාවලිය’ ට විදේශිකයින් ද සහභාගිවීමට නියමිතය

‘යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරඟාවලිය - 2017’ හෝමාගම, දියගම ක්‍රීඩාංගනයේදී නොවැම්බර් මස 22 සිට 24 දින දක්වා පැවැත්වීමට නියමිත අතර, එහිදී රට වෙනුවෙන් යුද වැදී නොයෙකුත් ආබාධිත තත්ත්වයන්ට පත්වු රණවිරුවන් තම ක්‍රීඩා කුසලතාවයන් විවිධ ක්‍රීඩා ඉසව්හිදි ප්‍රදර්ශනය කරනු ඇත.

යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරඟාවලිය - 2017’ සඳහා මෙවර ප්‍රථම වතාවට දකුණු කොරියාව ඇතුළු විදේශීය රටවල ක්‍රීඩකයින්ද සහභාගී වනු ඇත. ඊට අමතරව, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙලට යුද්ධ හමුදා විශ්‍රාමික ක්‍රීඩකයින් පිරිසක්ද සහභාගීවනු ඇත.

යුද්ධ හමුදා පැරා ක්‍රීඩා තරඟයන්ට තෝරාගැනුණු ක්‍රීඩකයින් ඔවුන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ දියගම ක්‍රීඩාංගනයේදී මාස 2 ක් පුරා පවත්වනු ලබන මෙම තරඟාවලියේ දී තරඟ වඳිණු ලබන අතර, මේ වර්ෂයේ තරඟාවලිය රෝදපුටු පැසිපන්දු තරඟ ඉසව්වක්ද සමගින් ජූලි මස ආරම්භ විය. අනතුරුව, බැඩ්මින්ටන්, පැපැදි ධාවන, රෝදපුටු මැරතන් ධාවන, දුනුවිදීම, බර ඉසිලීම, වොලිබෝල්, වොලිබෝල් (එකතැන සිට), වෙරළ වොලිබෝල්, මේස පන්දු, ක්‍රීකට්, පිහිනුම්, රෝදපුටු ටෙනිස්, වායු රයිෆල් වෙඩිතැබීම සහ මළල ක්‍රීඩා ඉසව්වන්ද පවත්වනු ලැබීය.

තම ක්‍රීඩා කෞශල්‍යයන් ප්‍රදර්ශනය කරමින් කුසලතා සම්මාන ලැබීමේ අරමුණු පෙරදැරිව සිටින ආබාධිත රණවිරු ක්‍රීඩකයන් 800 කට වැඩි පිරිසකට මෙම මහා ක්‍රීඩා උත්සවය නව බලපොරොත්තු එක්කරනු නොඅනුමානය.

ජවන සහ පිටිය තරඟ ඉසව් 21 කින් යුක්ත මෙම ක්‍රීඩා තරඟාවලියට මළල ක්‍රීඩා සහ සහාය දිවීමේ තරඟ ඉසව්වන්ද ඇතුලත් වේ.

යුද්ධ හමුදා ‘ආබාධිත රණවිරු ක්‍රීඩා’ නමින් වර්ෂ 1991 දී ආරම්භ කෙරුණු මෙම ක්‍රීඩා තරඟාවලිය වර්ෂ 2010 සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල යනුවෙන් හඳුන්වනු ලැබේ.

1. යුද්ධ හමුදා පැරා ක්‍රිඩා - 2017 සඳහා සියල්ල සුදානම්

2. ‘යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017’ උත්සවාකාරයෙන් ආරම්භ වේ

3. නව බලාපොරොත්තු රැසක් සමඟින් යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017 නිමාවේ

best Running shoes brand | Nike Air Max