Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2017 05:47:30 Hours

පාබල හමුදා වර්ණ රාත්‍රිය වඩාත් ප්‍රගුණ යුද්ධ හමුදා ක්‍රීඩකයින් බිහිකිරීමේ අරමුණ තීව්‍ර කරයි

විශීෂ්ඨ වික්‍රමාන්විත ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මව් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාව අඟහරුවාදා (12) දින සන්ධ්‍යාවේදි කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැත්වු ‘වර්ණ රාත්‍රියේ දී’ ක්‍රීඩාවේ දස්කම් දැක්වු පාබල රෙජිමේන්තු සාමාජිකයින් සියගණනකට වර්ණ ප්‍රදානය සිදු කළහ.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ආරාධනයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම වර්ණ රාත්‍රියේදි පාබල හමුදා සාමාජිකයින් 153 දෙනෙකු වර්ණලාභින් ලෙස අභිෂේක ලැබු අතර, ඉන් ක්‍රීඩකයින් 80 දෙනෙකු විශීෂ්ඨ යුද්ධ හමුදා වර්ණ සම්මාන ලැබීමටද සුදුසුකම් ලැබුහ.

රට දැය වෙනුවෙන් දිවි පිදු පාබල හමුදා රණවිරුවන් සිහිකරමින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව පාබල හමුදාවේ විශීෂ්ඨත්වය හා අන්නෝන්‍ය සබැඳියාව නිරෑපනය කෙරෙමින් පාබල හමුදා ගීතය ගායනා විය.

ඉන් අනතුරුව, වර්ෂ 126 කට නොවැඩි කාලපරාසයක ශ්‍රී ලංකාවේ සහ යුද්ධ හමුදාව තුල ක්‍රීඩකයින් වැඩිම පිරිසක් බිහි කල ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ආර්.එම්.කේ.කේ.ආර්. විරසිංහ හොඳම ආබාධිත ක්‍රීඩකයා ලෙසත් ලාන්ස් කෝප්‍රල් ඊ.ඒ.එන්. දිල්ශාන් හොඳම ක්‍රීඩකයා ලෙසත් නරඹන්නන්ගේ අත්පොලසන් මැද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙතින් වර්ණ ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් ඉටුකරන ලද ජාතික මෙහෙවරට විශේෂ උපහාරයක් ලෙස ජාතික තලයේ කලා ශූරින් විසින් නිර්මාණය කොට විශීෂ්ඨ සංගිත ස්වරයෙන් සංගිතවත් කරන ලද අලංකාර සංස්කෘතික සංදර්ශන අංගයන් කිහිපයක් ඉතා මැනවින් සංවිධානය කොට තිබු උත්සවය අතරතුර විටින්විට නරඹන්නන් ඉතා ආශ්වාදයට පත් කලහ.

සංදර්ශනයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකා පාබල හමුදා විශීෂ්ඨයන්ට වර්ණ ප්‍රදානය සඳහා ප්‍රධාන ආරධිත අමුත්තාට පීඨිකාවට ආරාධනා කරන ලදි. යුද්ධ හමුදා වර්ණලාභින් 80 දෙනාට සුභ ප්‍රාර්ථනා කල යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අනතුරුව පාබල හමුදා හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ප්‍රදානය කරන ලදී.

හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ ද වර්ණලාභින්ට වර්ණ ප්‍රදානය කිරීමට එක්වුහ.

පාබල හමුදා සේවාවනීතා ඒකකයේ සභාපතිනි ධනංජනි කරුණාසේකර මැතිණිය, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

trace affiliate link | NIKE