Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා පැරෂුට් භටයින් එක්සත් රාජධානියේ 18 වැනි සන්නද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරතාවයේ දස්කම් දක්වයි

එංගලන්තයේ නෙතර්වොන් (Netheravon) හී එංගලන්ත හමුදා පැරෂුට් සංගමයේ (British Army Parachute Association) පැරෂුට් පථයේ 2017 අගෝස්තු මස 14 සිට 28 දින දක්වා පැවැති 18 වැනි සන්නද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරතාවයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරයින් රන් පදක්කම් 3 ක් දිනා ගනීමින් තම දස්කම් ප්‍රදර්ශනය කර ඇත.

එංගලන්තයේ සන්නද්ධ හමුදාවන්හි සක්‍රීය සහ අතිරේක සේවයේ නිරත හමුදා සාමාජිකයින්ට සහ කැඩෙට් නිලධාරින් සඳහා වන මෙම තරඟාවලියේ සියලු ඉසව් සඳහා වන විවෘත තරඟ ශ්‍රේණිය සඳහා ජාත්‍යන්තර හමුදා භට කණ්ඩායම් සහ සිවිල් අයවළුන්ට ද තරඟ කිරීමේ අවස්ථාව ලබාදි ඇත.

එංගලන්ත හමුදාවේ Red Devils හමුදා පැරෂුට් භට කණ්ඩායම, රාජකීය නාවික හමුදාව සහ රාජකීය ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් 300කට අධික පිරිසක් මේ සඳහා සභභාගි වී තිබුණි.ඇමරිකා එක්සත් ජනපදයේ Golden Knights සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරෂුට් භට කණ්ඩායම විදේශීය තරඟකරුවන් ලෙස මෙම අවස්ථාවට සහභාගි වුහ.

8 දෙනෙකුගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භට කණ්ඩායමට කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ නිලධාරින් 04 ක් සහ සෙසු නිලයින් 04 ක් ද ඇතුලත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භටයින් මෙහිදි විවෘත තරඟා ඛණ්ඩයේ රන් පදක්කම, Wingsuit Artistic (2 way) Rookie (beginner) category ඛණ්ඩයෙන් සහ 2 Way Rotation and Team Award (Canopy Formation) කණ්ඩායම් ශුරතාවයත් හිමි කරගැනිමට සමත්විය.

තරඟාවලියෙන් අනතුරුව පැවති පැරෂුට් සංදර්ශනයට Red Devils,Golden Knights සහ අනෙකුත් කණ්ඩායම් සමඟ පැරෂුට් සංදර්ශනයකට ද ශ්‍රී ලංකා පැරෂුට් භට කණ්ඩායමට ආරාධනා ලැබ තිබුණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භට කණ්ඩායම 5 way stack (Canopy Formation) අංශයේ දැක්වු දක්ෂතා ප්‍රධාන ආරාධිත අමුත්තා, සම්භාවනිය අමුත්තන් ඇතුළු සියලු නිලධාරින්ගේ විශේෂ පැසසුමට ලක්විය.

විදේශීය රටකදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරණම් ශුරයින් තම හැකියාවන් සංදර්ශනයකදි ඉදිරිපත් කල පලමු අවස්ථව ද මෙය වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා රන් පදක්කම් දිනාගත් තරඟ අංශ 3 පහතින් දැක්වේ.

Accuracy Landing Event

ලුතිනන් කර්නල් වී.එම්.එන්. හෙට්ටිආරච්චි - කමාන්ඩෝ රෙජිමේන්තුව

මේජර් යු.ඒ. තිලකසිරි - විශේෂ බලකාය

මේජර් ආර්.එච්.ජේ.පී. වරණපුර - විශේෂ බලකාය

මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්.ඒ. අනිල් - විශේෂ බලකාය

සැරයන් ආර්.ඩි.පි. ගුණවර්ධන - විශේෂ බලකාය

කෝප්‍රල් ඒ.කේ. බස්නායක - කමාන්ඩෝ රෙජිමේන්තුව

Wingsuit Artistic

ලුතිනන් කර්නල් එස්.පි. වික්‍රමසේකර - කමාන්ඩෝ රෙජිමේන්තුව

බළලත් නිලධාරි II කේ.පි.එන්. ධම්මික - කමාන්ඩෝ රෙජිමේන්තුව

Canopy Formation - 2 Way Rotation

ලුතිනන් කර්නල් එස්.පි. වික්‍රමසේකර - කමාන්ඩෝ රෙජිමේන්තුව

කෝප්‍රල් ඒ.කේ. බස්නායක - කමාන්ඩෝ රෙජිමේන්තුව

ලුතිනන් කර්නල් වී.එම්.එච්. හෙට්ටිආරච්චි - කමාන්ඩෝ රෙජිමේන්තුව

latest Running Sneakers | Nike Off-White