Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st August 2017 13:23:54 Hours

ගුවන් හමුදාධිපති ගුවන් හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති පිළිගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගුවන් හමුදා මුලස්ථානයේ සිදු කල ප්‍රථම නිල සංචාරය සඳුදා (21) පෙරවරුවේ සිදුවු අතර, එහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති විසින් යුද්ධ හමුදාධිපතිවරයා සාදරයෙන් පිලිගත්හ.

යුද්ධ හමුදාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමු සම්මාන උත්තමාචාරය පිලිගත් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අනතුරුව, උත්තමාචාර පෙළපාලියේ අණදෙන්නා සමඟින් සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලිය පරික්ෂා කරන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිවරයා සහ ගුවන් හමුදාධිපතිවරයා අතර, ගුවන් හමුදාධිපති නිල කාර්යාලයේ දී පැවති සුහද හමුවේ දී අන්නෝන්ය අවශ්‍යතා සහ කාර්යභාර්යන් පිළිබඳ අවධානය යොමු විය.

මෙම නිල හමුවේදි දෙපාර්ශවය අතර අන්නෝන්‍ය අවබෝධය සහ සහයෝගය සනිටුහන් කරමින් සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය. ගුවන් හමුදා මුලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

jordan Sneakers | New Jordans – Air Jordan 2021 Release Dates , Gov