Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2017 12:39:03 Hours

යුද්ධ හමුදා විශේෂ බලකායෙන් තම රෙජිමේන්තු අධිපතිතුමන්ට ආචාර

විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති වු වර්තමාන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (19) දින විශේෂ බලකා නව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. සීදුව ප්‍රදේශයේ මීට ඉහත දී ස්ථානගත කර තිබු විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, විශේෂ බලකා සාමාජිකයින්ට වැඩි ඉඩ පහසුකම් සැපයිමේ අරමුණින් මාතලේ, නාඋල ප්‍රදේශයේ අභිනවයෙන් මෑතදි ස්ථානගත කරන ලදී. ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද විශේෂ බලකායට අයත් නිලධාරියකු වේ. මෙම සංචාරය ඔහු යුද්ධ හමුදාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව, නව රෙජිමේන්තු මධ්‍යස්ථානය ස්ථාපිත නාඋල සිදු කළ පළමු සංචාරයයි.

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ විසින් පිළිගනු ලැබ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරය පරීක්ෂාවට ආරාධනා කරන ලදී. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ පිඨිකාව වෙත සපැමිණි පසු, නිලධාරි 7 ක් සහ සෙසුනිලයින් 126 දෙනෙකුගෙන් සැදුම්ලත් සම්මාන ආචාර පෙළපාලිය පිලිගන්වන ලදි.

සම්මාන ආචාර පෙළපාලියෙන් මෙහෙතකට පසු, එම විශේෂ පිඨිකාවේ සිට භට පිරිස් ඇමතු යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ බලකා සාමාජිකයින් තම බලකායේ ගරුත්වය රැකගනීමින්, කැපවීමෙන් සහ උද්යෝගයෙන් සිය රාජකාරි ඉටුකළ යුතු බැව් පෙන්වාදුණි. පසුව, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව කාර්යාලයට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් තම ප්‍රථම සංචාරය සනිටුහන් කරනු වස් රාජකාරි ලේඛණ කිහිපයකට ද අත්සන් තැබු අතර, මෙම සංචාරය සිහිවනු වස් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ‘නා’ පැළයක් ද රෝපණය කළහ.

අනතුරුව, රට දැය වෙනුවෙන් දිවිපිදු විශේෂ බලකායේ විරුවන් සිහිකර විශේෂ බලකා රණවිරු ස්මාරකය පාමුල පුෂ්පෝපහාර පුද කරන ලදි.

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ, 1 වන විශේෂ බලකායේ ස්ථාපනය කරන ලද නව නිලධාරි නිවස්නය නිල වශයෙන් විවෘත කිරීම ද යුද්ධ හමුදාධිපතිතුමා විසින් සිදු කළ අතර, මෙම අවස්ථාවට විශේෂ බලකා රෙජිමේන්තු කවුන්සලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි විය. මෙහිදි,1 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරි එම අවස්ථාව සිහිවනු වස් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිහිවටනයක් ද පිළිගන්වන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යසථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානය කිරීම ද සුවිශේෂී සිදුවිමක් විය.

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් නික්ම යාමට පෙර, විශේෂ අමුත්තන්ගේ පොතේහි සටහනක් තැබීමට යුද්ධ හමුදාධිපතිතුමන් අමතක නොකළ අතර, සියලු නිලධාරින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

විශේෂ බලකා රෙජිමේන්තු පරිශ්‍රයේ පවත්වන ලද සියලු නිලයින් සඳහා වු සුහද හමුවකින් අනතුරුව, සංවිධානය කර තිබු නිල රාත්‍රි භෝජන සංග්‍රහයකින් උත්සය වැඩ කටයුතු අවසන් විය.

spy offers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger