Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th August 2017 14:40:15 Hours

දියකාවා යුද අභ්‍යාසයේ පෙර පුහුණුවීම් ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය VIII – 2017’ හී පුර්ව යුද පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලය, මන්කි බිර්ච් හී පිහිටි 4 වන විශේෂ බලකා බළඇණි මූලස්ථානයේ දී අගෝස්තු මස 10 – 11 යන දිනයන්හි දී පැවැත්විණි.

ලබන සැප්තැම්බර් මස දී පැවැත්වෙන ‘දියකාව - 2017’ යුද අභ්‍යාසයට නව අංගයක් ලෙස ‘War Game’ එක්කරනු ලැබුවේ එම අභ්‍යාසයේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන 22 වන සේනාංකයේ සේනාංකාධිපති එවකට අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසිනි.

මෙම පුර්ව ආදර්ශ යුද පෙරහුරු පැවැත්වීමෙන් අපේක්ෂා කරනු ලබන්නේ එම අභ්‍යාසයන් සඳහා සහභාගිවන හමුදා නිලධාරින්හට තත්වයන් නිවැරදිව විශ්ලේෂණය කරමින් තමන් සතු සම්පත් කාර්යාක්ෂම සහ ප්‍රතිඵලදයි අන්දමින් සුදුසු නිවැරදි ක්‍රමවේදය අවබෝධ කරගනීමින් අභ්‍යාසය පැවැත්වෙන අවස්ථාවන්හිදි එවා ක්‍රියාවට නැංවීමේ අරමුණින්ය. එබැවින්, මෙම පුර්ව යුද පුහුණු අභ්‍යාසය හමුදා නිලධාරින්ට යුද උපක්‍රම සහ මුලෝපායන් පිලිබඳ වෘත්තීමය වශයෙන් වැදගත් න්‍යයාත්මක අධ්‍යයනයක් ලෙස සැලකේ.

මෙම පුර්ව පුහුණු අභ්‍යාසයන්හි කමාන්ඩෝ සහ විශේෂ බලකා බලසේනා ‘මිතුරු පාර්ශවය’ ලෙසත් ගුවන් සංග්‍රමික බලසේනාව ‘විරුද්ධ පාර්ශවය’ ලෙසත් මෙහිදි පුහුණුවීම් සිදු කලහ.

පුහුණු අභ්‍යාසයන්හි නිරත හමුදා නිලධාරින්ට සයිබර් අවකාශයෙන් නැගෙන තර්ජන (Cyber threat) ඇතුළු උපකල්පිත සංදර්භ තුනක් ඔස්සේ යුද අභ්‍යාසය හැදෑරු අතර, ගුවන් සහ නාවික හමුදා නිලධාරින් ද මෙම යුද අභ්‍යාස සැලසුම් සඳහා සහභාගි විය.

යුද පුහුණු අභ්‍යාසයේ දෙවන දිනයේ දී (11) ත්‍රිවිධ හමුදා නිලධාරින් කණ්ඩායම් දෙකකට බෙදී අභ්‍යාසයන් හී නිරතවිය.

දියකාව යුද අභ්‍යාස අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සමඟින් 233 බලසේනාවේ බලසේනාධිපති සහ දියකාව යුද අභ්‍යාස නියෝජ්‍ය අධ්‍යක්ෂක කර්නල් ජේ.එම්.සී. ජයවීර, කමාන්ඩෝ බලඇණියේ සහ විශේෂ බලකා බලඇණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු තවත් නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ද නිලධාරින්ගේ පුහුණුවීම් නිරික්ෂණය කළ අතර, නාවික හමුදා නිලධාරින් 7 ක්, ගුවන් හමුදා නිලධාරින් 5 ක් ඇතුළු 60 දෙනෙකු මෙම යුද අභ්‍යාසය සඳහා සහභාගි වුහ.

Mysneakers | 『アディダス』に分類された記事一覧