Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2017 19:10:22 Hours

නව නිපැයුම්කරුවන් තිදෙනෙකු ඇගයුමට

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නීර්මාණාත්මක සහ තාක්ෂණික කුසලතාවයන් හඳුනාගැනීමේ අභිලාශයෙන් ආරම්භ කරන ලද ‘ඉනොවේටා’ ප්‍රදර්ශනය පසුගිය බ්‍රහස්පතින්දා (10) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ උපදෙස් අනුව පවත්වන ලදී.

යුද්ධ හමුදා නව නිපැයුම් කරුවන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශන කුටි 24 කින් සමන්විත වු මෙම උත්සවය නැරඹිම සඳහා හමුදා ආරාධනයෙන් ප්‍රදේශයේ පාසල් දරු දැරියන් රැසක් ද සහභාගි විය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වු මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව ආරම්භ කරන ලද ප්‍රදර්ශනයට යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගි වුහ.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය ඩි.කේ.ඩි.ඩි. ජයසේන මහත්මිය සහ පි.ඊ. කාලියදාස මහතා දක්ෂතම නව නිපැයුම්කරවන් තිදෙනා හඳුනා ගැනීම සඳහා සහය වු අතර, ප්‍රදේශයේ රාජකාරියේ නිරත යුද්ධ හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ නිර්මානාත්මක කුසලතාවයන් හඳුනාගැනිමටත් එම කුසලතාවයන් ඔප්නංවා ගැනීමටත් මෙම ප්‍රදර්ශනය මහඟු පිටිවහලක් විය.

ප්‍රදර්ශනයේ හොඳම නව නිපැයුම්කරුවන් පහතින් දැක්වේ.

පලමු ස්ථානය : ආරක්ෂක ගැස් උඳුන - යුද්ධ හමුදා රෝහල පනාගොඩ

දෙවන ස්ථානය : ලේසර් මට්ටම් කිරීමේ යන්ත්‍රය - 10 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

තුන්වන ස්ථානය : විදුලි අරපිරීමැසුම් පද්ධතිය - 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය

spy offers | Nike Air Force 1 , Sneakers , Ietp STORE