Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2017 09:56:53 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ ජය ගැමුණු හේවා බලකායට

2017 - යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය බදාදා (09) දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී පවත්වනු ලැබීය.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සන්නහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකාය තරඟවදින ලදී.

මෙහි අවසන් මහා තරඟය සඳහා ගැමුණු හේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය තරඟ වැදුණු අතර, එහිදි ජයග්‍රහණය ගැමුණු හේවා බලකායට හිමිවිය.

කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, යුද්ධ හමුදා පාපාන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පාපන්දු ක්‍රීඩා ලෝලීන් රැසක් තරඟය නැරඹිම සඳහා එක්ව සිටියහ.

අවසන් මහා තරඟයේ දී, ගැමුණු හේවා බලකා කණ්ඩායම දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ගෝල 2 - 0 ක් ලෙස ප්‍රතීවාදින් පරාජයට පත් කරමින් ජයග්‍රාහණය හිමි කරගත්හ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු යුද්ධ හමුදාධිපතිවරයා විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළ අතර, තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා, අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම දැල් රකින්නා සඳහා ද විශේෂ කුසලාන සහ සහතිකපත් පිරීනමනු ලැබීය.

එමෙන්ම, අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අනුශුරතාව දිනාගත් කණ්ඩායමට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් රෝහන බණ්ඩාර විසින් සිදු කරනු ලැබුහ.

යුද්ධ හමුදාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ධම්මික කාරියවසම් හට ඉටුකළ සේවය ඇගයීමට සමරු ඵලකයක් පිරීනැමීම ද මෙහිදි විශේෂ අවස්ථාවක් විය.

Running Sneakers | Nike Air Max 270