Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2017 09:45:31 Hours

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමා හමුවේ

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් ගරු රියාස් හමිදුල්ලා මහතා බදාදා (09) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති සුහද හමුවේදි, සංචාරක මහා කොමසාරිස්වරයා සහ යුද්ධ හමුදාධිපතිවරයා දෙපාර්ශවයට අන්නෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධව සාකච්ඡා කළ අතර, පශ්චාත් යුධ සමයේදි රටේ සංවර්ධනය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරිනි.

මෙම සුහද හමුව අවසානයේ දී දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු අස්ලාම් ෆාර්විස් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

affiliate tracking url | Sneakers