Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th July 2017 09:11:03 Hours

කොළඹ දී පැවැත්වීමට නියමිත සාම සාධක මෙහෙයුම් සමුළුවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සහය

ආසියා පැසිෆික් සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව (APPTCCC) සහ ආසියා පැසිෆික් සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC) වාර්ෂික මහා සභා රැස්වීම අගෝස්තු 1 සිට 3 දින දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය (IPSOTSL), බංගලාදේශ සාම සහයෝගිතා පුහුණු ආයතනය (BIPSOT) සහ එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානය (USPACOM) යටතේ වු ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භය (GPOI) එක්ව සම්බන්ධිකරණයෙන් යුතුව අඛණ්ඩව 9 වන වරටත් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් ගේ සහය ඇතිව, මෙම වසරේදි ‘Challenges of Developing a Robust Peacekeeping Mindset’ යන තේමාව යටතේ ආසියා පැසිෆික් සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව (APPTCCC) සඳහා ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බුරුමය, කාම්බෝජය , චිනය, ෆිජිය, ඉන්දියාව, ඉන්දුනිසියාව, ජපානය, මැලයසියාව, මොංගෝලියාව, නේපාලය, නවසීලන්තය, පකිස්ථානය, පැපුවා නිව් ගිනියාව, පිලිපිනය, කොරියානු ජනරජය, තායිලන්තය, වියට්නාමය, ශ්‍රී ලංකාව සහ බෲනයි යන රටවල් 21 ක නියෝජිතයින් 50 දෙනෙකු පමණ සහභාගිවීමට නියමිතය.

ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භය (GPOI), ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය (IPSOTSL), බංගලාදේශ සාම සහයෝගිතා පුහුණු ආයතනය (BIPSOT) එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව (UNDPKO), OMA, ALCOPAZ, APSTA, EAPTC යන ජාත්‍යන්තර සංවිධාන වල නියෝජිතයින් සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම සමුළුව සඳහා සහභාගිවීමට නියමිතය.

මෙම ආසියා පැසිෆික් සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුවේ සංකල්පය 2008 වර්ෂයේ ප්‍රථම වරට බංගලාදේශ සාම සහයෝගිතා පුහුණු ආයතනය (BIPSOT) විසින් හඳුන්වාදුන් අතර, මෙමගින් ආසියා පැසිෆික් සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානය සාමාජිකයන් අතර සම්බන්ධතාවය ඇතිකර ගනිමින් එක්සත් ජාතින්ගේ විෂය නිර්දේශය සහ සහයෝගිතාවය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනිම සඳහා මෙම සමුළුව පවත්වනු ලබයි.

බංගලාදේශ සාම සහයෝගිතා පුහුණු ආයතනය, එක්සත් ජනපද ශාන්තිකර අණදිම, එක්සත් ජනපද නාවික හමුදාව, යුද්ධ හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.පි. ද ඉසඩ් වික්‍රමරත්න, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ජි.වී. රවිප්‍රිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ එවකට සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.පි.එන්.කේ. ජයපතිරණ සහ එම පුහුණු පාසලේ උපදේශකවරුන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී මෙම ආසියා පැසිෆික් සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුවේ දෙදින මුලික සුදානම් සැසි සංවිධානය කරනු ලැබුහ. මෙම සමුළුවේ පළමු දින ආසියා පැසිෆික් සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ සභාපතිත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රසාද් පතිරත්න විසින් දරණු ලබයි.

මේ සැබැදි තවත් පුවත්

කොළඹ දී පැවැත්වෙන සාම සාධක මෙහෙයුම් සමුළුවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය

Running sport media | Nike Releases, Launch Links & Raffles