Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2017 20:39:16 Hours

ඩෙංගු මර්ධනය සඳහා යුද්ධ හමුදාවේ සහය තවදුරටත්

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකය, 141 හා 142 බලසේනාවන් සහ 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් 300 කට අධික භට පිරිසක් සෙනසුරාදා (15) දින මහරගම, කොලොන්නාව, කඩුවෙල, පිළියන්දල, මීගමුව, කැළණිය, අත්තනගල්ල, බියගම, පානදුර, කැස්බෑව, මාවිත්තර, දැල්තර සහ දිවුලපිටිය යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

දැනට ක්‍රියාත්මක වන ඩෙංගු මර්ධන ජාතික මෙහෙයුමට සමගාමීව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව, සෞඛ්‍ය බලධාරීන් සහ රජ්‍ය සේවකයන්ගේ සහය හිමිව ඇති අතර, ඩෙංගු වසංගතය මුලිනුපුටා දැමීමේ අරමුණින් යුතුව ජූලි මස මුල් සතියෙන් ආරම්භ කළ මෙම වැඩසටහන පුරා මාසයක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ආරක්ෂක අමාත්‍යංශයේ සහ යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ අධීක්ෂණය මත මෙම ව්‍යාපෘතීය ක්‍රියාත්මක කරනු ලබයි.

best shoes | Zapatillas de running Nike - Mujer