Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පුනරීන් සිවිල් වැසියන් 1000 කට වැඩි පිරිසක් වෙත ජංගම වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර

පුනරීන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන් 1000 කට වැඩිපිරිසක් වෙනුවෙන් සෙනසුරාදා (08) දින පුනරීන් මහා විද්‍යාලයේ දී ජංගම වෛද්‍ය සායනයක් පැවැත් වූ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් මෙහි කටයුතු සංවිධානය කරන ලදි.

එහිදි වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන ප්‍රමුඛ සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් විසින් සිවිල් වැසියන් පරික්ෂා කර රුපියල් ලක්ෂ 3 කට වැඩි වටිනාකමින් යුත් ඖෂධ සහ වෛද්‍ය උපදෙස් ඔවුන් වෙත ලබාදෙනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන ගේ මඟපෙන්විමෙන් එම සේනාංක භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද අතර කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ද මීට එක්ව සිටියහ.

පුනරීන් ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ සඳහා සහාය දැක් වූ අතර, මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සහ අනෙකුත් නිලධාරීන් ද එක්ව සිටියහ.

affiliate tracking url | Nike