Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2017 13:48:43 Hours

ඩෙංගු මර්ධනය සඳහා යුද්ධ හමුදාවේ සහය තවදුරටත්

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් බස්නාහිර පලාත ආවරණය වන පරිදි දියත් කරනු ලැබූ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනේ තවත් අදියරක් අද (14) දින හංවැල්ල, හෝමාගම, කඩුවෙල, පිළියන්දල, පිටකෝට්ටේ, කහතුඩුව, අත්තනගල්ල, මීරිගම, දොම්පේ, බියගම, කැළණිය, හොරණ, මතුගම, වාද්දුව සහ බණ්ඩාරගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි පවත්වනු ලැබීය.

141, 142 සහ 582 යන බලසේනාවන්, ශ්‍රී ලංකා පාබල හමුදාව සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් 500 ක් පමණ වූ භට පිරිස් මෙම වැඩසටහන සඳහා එක් වූ අතර, මෙයට සමගාමිව 9 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් දොඩම්ගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහන්වල නිරතව සිටියි.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සෙනසුරාදා (01) දින බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ උතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ කොළඹ මහා නගර සභාවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසලින් ආරම්භ විය. පොලිසීයේ සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව තවදුරටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

Adidas footwear | Patike