Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2017 13:56:43 Hours

යුද්ධ හමුදා වෛද්‍ය බලකායෙන් තවත් ඩෙංගු රෝග පරික්ෂණාගාරයක්

ඩෙංගු රෝගීන්ගේ පහසුව සඳහා යුද්ධ හමුදාව ගෙන ඇති තවත් පියවරක් ලෙස නව වෛද්‍ය පරීක්‍ෂණාගාරයක් අද (14) උදෑසන කිරිබත්ගොඩ මුලික රෝහලේ ස්ථාපිත කරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත අතුරු වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇති අතර, මෙම රසායනාගාරයේ දී ඩෙංගු රෝගයට අදාළව රෝගීන්ගේ රුධිර පරීක්ෂාව නොමිලේ සිදුකරනු ලබයි.

සිවිල් වැසියන් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දින කිහිපයකට පෙර මිගමුව රෝහලේ පළමු පරික්ෂණාගාරයක් ස්ථාපිත කළ අතර, ඒ අනුව ස්ථාපිත කළ දෙවන පරික්ෂණාගාරය මෙය වේ.

Buy Kicks | Sneakers