Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th July 2017 16:39:07 Hours

නව යුද්ධ හමුදාධිපතිට අගමැතිතුමන්ගෙන් සුභ පැතුම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු බදාදා (12) දින උදෑසන අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය.

එහිදි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, නව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය උණුසුම් සුභ පැතුම් එක් කළ අතර, එතුමා විසින් යුද්ධ හමුදාව වෙනුවෙන් සහ රටේ යහපත වෙනුවෙන් කරන ලද නොයෙකුත් සේවාවන් පිළිබඳ ඇගයිමට ලක් කළහ. තවද ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස යාපනය ජනතාව වෙනුවෙන් සිදු කරනු ලැබු ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් පිළිබඳව සිය ප්‍රශංසාව පුද කළහ.

සාකච්ඡාව අතරතුර දී ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් යුද්ධ හමුදාවේ සියලු නිලයන්හි වෘත්තීය මට්ටම ඉහළ නංවමින් වත්මන් යුද්ධ හමුදා භට පිරිස් හැකියාවන් පදනම් කරගත් කණ්ඩායමක් බවට පරිවර්ථනය කිරීම ගැන ද ඔවූන් නිරන්තරයෙන් වෙනස් වන ‍ගෝලීය ආරක්ෂක අභියෝගයන් සඳහා මුහුණදීමට හැකිවන අයුරින් හැඩගැස්වීම ගැන ද අගමැතිවරයා වෙත දැනුම් දී සිටියේය.

එහිදි යුද්ධ හමුදාවේ සෑම සාමාජිකයෙකුගේම පුහුණුවිම්වල ඇති වැදගත්කම අවධාරණය කළ අගමැතිතුමා ගෝලීය වෙනස්කම් හමුවේ ජාත්‍යන්තරයේ ඇති තත්වයන්ට මුහුණදිය හැකි වෘත්තීමය සෙබළුන් ඇති කිරීම පිළිබඳව අවධාරණය කළ අතර, නිලධාරීන්ගේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ද එකඟවිය.

යුද්ධ හමුදාධිපතිවරයා විසින් දක්වන ලද ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අගමැතිවරයා වර්මානයේ සිදුවන ජාතිය ගොඩනැගීමේ කටයුතුවල දී යුද්ධ හමුදාවේ දායකත්වය ඒ අයුරින්ම ලබාදෙන මෙන් දන්වා සිටියේය.

මෙම හමුව අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත යුද්ධ හමුදාවේ වීරත්වය හා අභිමානය සංකේතවත් කරමින් ‘අසිපතක’ ආකෘතියක සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

Nike air jordan Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp