Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2017 18:26:38 Hours

වන්නි භට පිරිස්හි සම්බන්ධීකරණයෙන් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතින්

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වවුනියාව ප්‍රදේශයේ බෝගස්වැව - 1, බෝගස්වැව - 2, නන්දිමිත්‍ර ගම්මානය, නාමල් ගම සහ සැළලිහිණිගම යන නැවත පදිංචි කළ ගම්මාන වල සිසුන් සහ ගර්භණී කාන්තාවන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් සිකුරාදා (23) දින බෝගස්වැව විද්‍යාලයේ දී සහ යුද්ධ හමුදා පොදු පහසුකම් ශාලාවේ දී පවත්වනු ලැබීය.

විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් මෙන්දක සමරසිංහ ගේ පුර්ණ සම්බන්ධීකරණයෙන් ‘මැලිබන් නිවසේ’ අනුග්‍රහය ඇතිව රුපියල් මිලියන 3.5 ක් වැය කරමින් ගර්භණී කාන්තාවන් සඳහා පෝෂණ මළු, අඩු ආදායම් ලාභි පවුල් සඳහා වියළි සලාක පර්සල් සහ සිසුන් වෙත පාසල් උපකරණ එහිදි බෙදාදෙන ලදී.

මැලිබන් ආයතනයේ මෙහෙයුම් කළමණාකරු බන්දුල පෙරේරා මහතා, මානව සම්පත් හා පරිපාලන කළමණාකරු රොහාන් විජේසුරිය මහතා ඇතුළු එම ආයතනයේ සාමාජිකයින් 20 දෙනෙකු මෙන්ම 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර, නිලධාරින්, සිවිල් ජනතාව සහ අනෙකුත් ආරාධිතයින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sports News | Nike, adidas, Converse & More