Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2017 18:26:06 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් චර්යාවර්ධන වැඩසටහනක්

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවන චර්යාවර්ධනය පිළිබඳ දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් බදාදා (21) දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු දේශන ශාලාවේ දී පවත්වනු ලැබීය.

‘ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා කාන්තා හිංසනය’, ‘ප්‍රීතිමත් දිවියක් සහ ජීවන නිපුණතා’, ‘නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ’ සහ මත්පැන් හා මත්ද්‍රව්‍යවල යථාර්තය යන මාතෘකා යටතේ සිදුකළ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් 159 දෙනෙකු සහභාගි වූහ.

මෙහි දේශකයන් ලෙස යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ මේජර් යූ.පී මල්ලවාරච්චි, ලුතිනන් එච්.ජි.එන් දේශප්‍රිය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ කපිතාන් ආර.එම්.ජේ රණතුංග සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ අජිත් නවගමුව මහතා ද කටයුතු කරන ලදි.

best Running shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ