Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2017 21:47:49 Hours

භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 03 විසිරයයි

පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 03 සාර්ථකව හැදැරු නේපාල සහ මාලදිවයින් නිලධාරින් දෙදෙනකු ද ඇතුලු යුද්ධ හමුදා නිලධාරින් 26 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රධාන උත්සවය සඳුදා (22) දින කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රාවණාගරයේ දී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමීණි ප්‍රධාන ආරධිත අමුත්තා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ජි.අයි. විද්‍යානන්ද සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් පිළිගන්නා ලදී.

මෙම පාඨමාලාවේ දී උපදේශක යුද්ධ හමුදා නිලධාරින්, රාජය ආයතනයන්හි සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්වතුන් විසින් උපාධි අපේක්ෂකයින් හට පොදු මාණ්ඩලික රාජකාරින්, කාර්ය සහ කාර්යභාරයන්, සන්නිවේදන රෙගුලාසි සහ සම්මුතින්, ලිඛිත සහ වාචික පරික්ෂන, පරිපාලන මුලධර්ම, රෙජිමේන්තු මට්ටමේ භඨකාර්ය සම්පාදනය, භඨකාර්ය සම්පාදන මෙහෙයුම්, භඨකාර්ය සම්පාදන නියමයන්, ප්‍රයෝගික වෙනස්විම් සහ මොඩියුල වෙනස් කිරිම් වැනි විෂය ධාරාවන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙනු ලැබේ.

භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකවරයා විසින් පිළිගැනීමේ කථාව සිදු කිරීමෙන් පසු යුද්ධ හමුදාධිපතිවරයා විසින් උපාධි ලාභීන් වෙත සංකේතාත්මකව සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

භඨකාර්ය සම්පාදන විද්‍යාලය (ASL) මගින් පිරිනමනු ලබන කීර්තිමත් සම්මානයන් වන ‘හොඳම භඨකාර්ය සම්පාදන සැළසුම්කරු’ සහ ‘හොඳම සමස්ථ දක්ෂතාවය’ හිමි සම්මාන ද්විත්වයම ඉංජිනේරු සේවා බලකායේ මේජර් එච්.එම්.එස්.එස්. හේරත් විසින් දිනාගනු ලැබු අතර, මෙය එම විද්‍යාල ඉතිහාසයේ එක් ශීෂ්‍ය නිලධාරියකු විසින් දිනාගත් ප්‍රථම අවස්ථාව වේ.

මෙම අවස්ථාව ඇමතු යුද්ධ හමුදාධිපතිවරයා භඨකාර්ය සම්පාදනය වැනි වෘත්තීමය පාඨමාලාවක වැදගත්කම අවධාරණය කළ අතර, මෙම පාඨමාලාව හැදැරු විදේශීය උපාධි ලාභීන් ඇතුලු අනෙකුත් උපාධි ලාභීන්හට තම සුභ පැතුම් ද එක් කළහ.

යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් භඨකාර්ය සම්පාදන පුහුණුව ලබාදිමේ අරමුණින් යුතුව යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලය 2011 මැයි මස ආරම්භ කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජය මාණ්ඩලික ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ශ්‍රී ලංකාවේ සේවයේ යෙදි සිටින නේපාල සහ මාලදිවයින් රාජ්‍ය තාන්ත්‍රිකයින්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්වතුන් ඇතුලු ආරධිතයින් එක්ව සිටියහ.

latest Nike Sneakers | THE SNEAKER BULLETIN