Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th May 2017 16:44:15 Hours

වැල්ලවත්ත ප්‍රදේශයේ සිදු වූ ආපදා තත්වයෙන් අනතුරට පත්වුවන් බේරාගැනීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලක් බ්‍රහස්පතින්දා (18) දින දහවල් කඩාවැටිමෙන් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබූ අතර, එහි දි අනතුරට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ අධික්ෂණය යටතේ එම සේනාංක භට පිරිස් ක්ෂණිකව එම ස්ථානයට පැමිණ එම කටයුතුවල නිරත විය.

මේ පිළිබඳ සැලවීමත් සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් අවශ්‍ය සහන සැලසීමට වහා කටයුතු කරන ලෙස බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත උපදෙස් ලබාදී ඇති අතර, මේ වනවිටත් යුද්ධ හමුදාව එම ගලවා ගැනිමේ මෙහෙයුම්වල නිරතව සිටියි.

Running sneakers | Footwear