Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2017 15:19:47 Hours

දිවයිනම ආවරණය වන පරිදි පවත්වන වෙසක් වැඩසටහන් සඳහා යුද්ධ හමුදාවේ සහාය

යුද්ධ හමුදා මූලස්ථානයේ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා භට පිරිස් ජාතික වෙසක් දින සැමරුම සඳහා නන් අයුරින් සිය දායකත්වය සපයනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් බදාදා (10) වන දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදය, බෞද්ධාලෝක මාවත, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය. ජනාධිපති ලේකම් කාර්යාලය, කොල්ලුපිටිය වාලුකාරාමය, ලේක් හවුස් ආයතනය, බොල්ලෑගල ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාල පරිශ්‍රයන් හී පැවති වෙසක් වැඩසටහන් සඳහා සිය දායකත්වය සැපයිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා මුලස්ථානය, බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, විධායක ජෙනරාල් ශාඛාව, යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් සීල ව්‍යාපාර, වෙසක් කලාප, බැති ගී ප්‍රසංග, දන්සැල් සහ විශේෂ ආගමික වැඩසටහන් සඳහා දායකත්වය සැපයුහ.

ජාතික වෙසක් උත්සවය (මැයි මස 07 සිට 14 ) සංකේතාත්මකව ආරම්භ කරමින් කෑගල්ල වට්ටාරාම විහාර පරිශ්‍රයේ යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලැබු ධර්මශාලාව විවෘත කිරීම සිකුරාදා (05) දින ගරු බුද්ධශාසන අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබු අතර, මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ මගපෙන්වීමෙන් එම ආරක්ෂක සේනා භට පිරිස් විසින් සිදු කරනු ලැබිය.

එමෙන්ම, වෙසක් පසලොස්වක පොහෝ දින යුද්ධ හමුදා මුලස්ථානය සහ යුද්ධ හමුදා බෞද්ධ බළමණ්ඩලය විසින් පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ දී සීල ව්‍යාපාර වැඩසටහනක් පවත්වනු ලැබිය.

තවද, බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය සඳහා සිය දායකත්වය සපයමින් නර්තනාංගද ඇතුලුව විශේෂ බැති ගී වැඩ සටහනක් පවත්වනු ලැබු අතර, ගාලුමුවදොර සිට පිටකොටුව දක්වා වු ප්‍රධාන මාර්ගය දෙපස ප්‍රදර්ශනය කර ඇති වෙසක් කුඩු 300 ක් සඳහා විදුලි ආලෝකය ලබාදිම ද සිදු කරනු ලැබුහ.

මේ අතර, දිවයින් පුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් බදදා (10) වන දින වෙසක් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබිය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මගපෙන්වීම යටතේ එම මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන් හී භට පිරිස්හි සහයෝගය ඇතිව යාපනය නාග විහාර පරිශ්‍රය වෙසක් කුඩු සහ විදුලි බල්බ යොදා අලෝකමත් කල අතර. යාපනය වීරසිංගම් ශාලාව අසල විශේෂ තොරණක් ද ඉදි කරනු ලැබිය. මේ අතර, බදාදා (10) වන දින නාවක්කුලි මහා විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු සහ යුද්ධ හමුදා බැති ගී කණ්ඩායම එක්ව භක්ති ගීත වැඩසටහනක් ද පවත්වනු ලැබිය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිරගේ මගපෙන්වීම යටතේ පොළොන්නරුව නගරය, වැලිකන්ද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශයන් ආවර්ණය වන පරිදි වෙසක් කුඩු ප්‍රදර්ශන, බෞද්ධ නාට්‍ය, බැති ගී ප්‍රසංග සහ දන්සල් සංවිධානය කරනු ලැබුහ.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ ගේ මගපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මුතුකුමරු ක්‍රීඩාංගනයේ වෙසක් කුඩු ප්‍රදර්ශන ඇතුලු ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලැබිය.

එමෙන්ම, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කිලිනොච්චි මහා විද්‍යාල පරිශ්‍රයේ වෙසක් බැති ගී සංදර්ශනයක් පැවැත් වු අතර, පෙර පාසල් සඳහා ප්‍රථමාධාර කට්ටල ලබාදිම, බෝධි පුජා පිංකම්, මරණයට කැපවු ගවයින් 20 දෙනෙකු නිදහස් කිරීම, වියලි ආහාර පාර්සල් බෙදාදිම, බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශනය, ලේ දන්දිමේ වැඩසටහන් සහ ධාතු ප්‍රදර්ශනය වැනි ආගමික වැඩසටහන් සංවිධානය කරනු ලැබිය. එමෙන්ම ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් මාන්කුලම් පිහිටි ශ්‍රී සුගත විහාර පරිශ්‍රයේ යුද්ධ හමුදා භට පිරිස් විසින් ඉදි කරනු ලැබු ධර්මශාලාව විවෘත කිරිම ද මෙහිදි සිදු කලහ.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන වෙසක් සැමරුම් වැඩසටහන් මාලාවට සමගාමිව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ උපදෙස් මත එම මූලස්ථාන පරිශ්‍රය අවට බැති ගී ප්‍රසංගයක්, දන්සැල් සහ වෙසක් කුඩු 400 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනු ලැබුහ.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත එම මුලස්ථාන භට පිරිස් විසින් පුදුකුඩුරිප්පු ප්‍රදේශයේ වෙසක් කුඩු ප්‍රදර්ශනයක් සහ 10,000 ක් පමණ සිවිල් ජනතාව වෙනුවෙන් දන්සලක් ද පැවැත්වු අතර, විශේෂ බැති ගී වැඩසටහනක් ද පැවැත් විය. එමෙන්ම, ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී විශේෂ සීල ව්‍යාපාර වැඩසටහනක් ද බදාදා (10) වන දින පවත්වනු ලැබිය.

එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුම සහ ජාතික වෙසක් උත්සවයට සමගාමීව (11) දින සන්ධ්‍යාවේ තවත් විශේෂ වෙසක් වැඩසටහනක් රැසක් සංවිධානය කරනු ලබයි.

මේ සැබැදි තවත් පුවත්

දිවයිනම ආවරණය වන පරිදි පවත්වන වෙසක් වැඩසටහන් සඳහා යුද්ධ හමුදාවේ සහාය

එක්සත් ජාතින්ගේ වෙසක් දිනය සහ ජාතික වෙසක් උත්සවය සඳහා යුද්ධ හමුදා භට පිරිස්හි සහාය

වෙසක් උත්සවය සැමරීම සඳහා අඛණ්ඩව දෙවන දිනටත් යුද්ධ හමුදා භට පිරිස්හි සහාය

යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම ලේක් හවුස් ‘අමාදහර’ වෙසක් කලාපය වර්ණවත් කරයි

ප්‍රථම වතාවට නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දර්ශනීය තොරණක් ඉදිකරයි

‘ඉඟිනළු සමඟින් වෙසක් බැති ගී’ ඉතා උත්කර්ෂවත් අයුරින් නෙළුම් පොකුණ රඟහලේ දී

පුහුණු පාසල්, ඒකක සහ ආයතන මට්ටමින් වෙසක් සැමරුම්

Buy Kicks | Nike Shoes, Sneakers & Accessories